උල්පත් සිඳේ, උමා ඔය ව්‍යාපෘතිය නවතා නෑ?

Uma Oya

බණ්ඩාරවෙළ, එගොඩගම, ගල්කන්දඅරාව, දවුල්කාරවත්ත උල්පත 2016-01-20 වනවිට දින සිඳී ගොස් ඇති බව වාර්තාවේ. පවුල් 11ක් පමණ ජලය ලබා ගන්නා මෙහි වගාවන් සඳහා භාවිත කළ අගල් 3ක පමණ ජල උල්පතක් මෙසේ සිඳීගොස් ඇත. ප‍්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මේ සඳහා හේතුවී ඇත්තේ උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඉදිවෙන උමගේ සිදු වන ජල කාන්දුව බවයි. මීට මාස 13කට පෙර සිට සිදු වන උමගේ ජල කාන්දුව නිසා ප‍්‍රද්ශෙයේ උල්පත් ළිං විශාල ප‍්‍රමාණයක් සිඳීයමින් පවතී. ප‍්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය කාලයේ උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ විශාල විරෝධයක් මතුවූ අතර ව්‍යාපෘතිය නවතන බවට බලධාරීන් නොයෙක් විට පොරොන්දුදදී ඇති බවයි. නමුත් ව්‍යාපෘතිය නවතන බවක් පේන්නට නැති බවත්. අඩුම තරමින් තවමත් ජල කාන්දුවවත් නවත්වා නැති බවට ප‍්‍රදේ්ශවාසීන් චෝදනා කරයි. එපමණක්ද නොව උමගේ කැනීම් කටයුතුද තවමත් සිදු වෙන බවටද ආරංචි පළවේ.