අභයාරාමයට මහින්ද එපා – තීන්දුව 15

mahinda-2015-04-24

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය මහින්ද රාජපක්ෂගේ දේශපාලන සහ වෘත්තීය සමිති කටයුතුවලට යොදා ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටිමින් අත්බේරිය විමලඥාන හිමි පෙබරවාරි පළවැනිදා කොළඹ දිසා අධිකරණය ඉදිරියේ පෙත්සමක් ඉදිරිපත් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතු බොහෝමයක් දැනට ක‍්‍රියාත්මක වන්නේ අභයාරාමය කේන්ද්‍ර කරගෙනය. අභයාරාම අයිතිය වෙනුවෙන් අත්බේරිය විමලඥාන හිමි සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි යන දෙදෙනාම පෙනී සිටින අතර ඒ පිළිබඳවද නඩුවක් පවතී. කෙසේ වෙතත් අදාළ අතුරු තහනම් නියෝගය පිළිබඳ තීන්දුව පෙබරවාරි 15 වැනිදා ලබා දීමට නියමිතය.