තරුණයන් මිලියන 200 කට රස්සා නෑ

jobless

ජාත්‍යන්තර කම්කරු සංවිධානය මඟින් වසර දෙකකට වරක් ලොව පුරා තරුණයන්ගේ රැකියා තත්වය පිළිබඳ ඉදිරිපත් කෙරෙන වාර්තාවකට අනුව මේ වන විට මිලියන දෙසීයක් වන ලෝක රැුකියා විරහිත තරුණ ජනගහනයෙන් මිලියන 73.3ක් අවුරුදු 15ත් 24 අතර වූවන් බව වාර්තාවේ. ඔවුන් බලාපොරොත්තු වන ආකාරයේ තෘප්තිමත් රැුකියාවක් නොලැබීම මීට ප‍්‍රධාන හේතුව බව එම වාර්තාව වැඩිදුරටත් පවසයි. මේ අතර රැකියාවල නියුතු වූවන්ගෙන් මිලියන 169කට අධික ප‍්‍රමාණයක් දිනකට ඩොලර් 02කට අඩු ආදායම් මට්ටමක පවතින බවද ජාත්‍යන්තර කම්කරු සංවිධානය මඟින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. ඉදිරි අවුරුදු 10 තුළ මෙම තත්වය සමහන් කිරීම සඳහා රැකියා මිලියන 475 අවශ්‍ය බව ඔවුන් පවසයි. මේ අනුව මෙකී රැුකියා ලේඛනය සඳහා වාර්ෂිකව මිලියන 40ක තරුණ ජනගහනයක් ඇතුළත් වන බව කියවේ.