මත්තල හාල් වලින් බියර් හදයි

beer

මත්තල ගුවන්තොටුපොළේ ගබඩා කර තිබූ සහල් තොග මත්පැන් නිෂ්පාදනය සඳහා අළෙවි කර ඇතැයි වාර්තාවේ. පසුගිය කාලයේ රජය මිලදී ගත් වී මෙ.ටො. 4000කට අයත් සහල් මත්තල ගුවන් තොටුපොළේ ගබඩා කරනු ලැබුවේ එම ගුවන්තොටුපොළ භාවිත කළ නොහැකි බව කියමිනි. එහෙත් පසුව එම ගුවන්තොටුපොළ යළි සක‍්‍රීය කිරීමට ආණ්ඩුව තීරණය කළ අතර අනතුරුව මත්තල සහල් තොග ඉන් ඉවත් කරගන්නා ලදී එසේ ඉවත් කරගන්නා ලද සහල් තොග මත්පැන් නිෂ්පාදනය සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම්වලට විකුණා ඇතැයි විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි. මෙම සහල් රජය මිලදී ගත්තේ කිලෝග‍්‍රෑමය රුපියල් 45ටය. එහෙත් මත්පැන් සඳහා එය විකුණා ඇත්තේ කිලෝව රුපියල් 35 -39 අතර අඩු මිලකට බවද වාර්තාවේ. මේ අතරින් වී මෙ.ටො. 568ක් මත්පැන් නිෂ්පාදන සමාගමක් වන ඩබ්.එම්. එන්ඩි‍්‍රච් සමාගමට විකුණා ඇත. තවත් මෙ.ටො. 1,000 අධික ප‍්‍රමාණයක් වත්මන් හවුල් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් සතු මත්පැන් නිෂ්පාදන සමාගමකට විකුණා ඇත. මෙම සහල් ගබඩා කර ගනු ලැබුවේ වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගියහොත් සහල් වෙළෙඳපොළට මුදාහැර පරිභෝගියන්ට සහන දීමටය. එහෙත් මත්පැන් නිෂ්පාදනයට විකිණීම නිසා එම අවස්ථාව පාරිභෝගිකයාට අහිමිව ගොස් තිබේ.