ඖෂධ පනතට පස්සේ පැරසිටමෝල මිලත් වැඩිවෙලා – සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

g1

ඖෂධ පනත ආවට පස්සේ සති දෙකකින් ඖෂධ මිල අඩු වෙන බව සෞඛ්‍ය ඇමැතිවරයා පැවැසුවත් සියලූම පාහේ බෙහෙත් වර්ගවල මිල 15%ත් 30%ත් අතර ප‍්‍රමාණයකින් වැඩිවී ඇති බවත්. අවම තරමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් නිපදවන පැරසිටමෝල් පෙත්තේත් මිල වැඩිවී ඇතැයි සමස්ත ලංකා රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය පවසයි. මාළඹේ පෞද්ගලික උපාධි ආයතනය අහෝසි කරන ලෙස බල කිරීමටත්. සෞඛ්‍ය පෞද්ගලිකකරණය පිළිබඳවත් දැනුවත් කිරීම සඳහා කැඳවූ මාධ්‍ය හමුවකදී. එම සංගමයේ වෛi ගිශාන්ත දසනායක මෙම අදහස් දැක්වීය. සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය ගෙනෙනවා කියා ආණ්ඩුව පාරම්බෑවත් එහි මූලික සංකල්ප වන, ඖෂධ ආනයනය සීමා කිරීම, ගෙන්වන ඖෂධ වෙළෙඳ නාම යටතේ සීමා කිරීම. දේශීයව ඖෂධ නිෂ්පාදනය මඟින් මිල අඩු කිරීම ආදී කිසිම කරුණක් ආණ්ඩුව ඉදිරිපත් කළ පනතෙන් සිදු වී නැතැයි ඔවුහු චෝදනා කරති. උදාහරණයක් ලෙස පිනොමිනෝල් නම් ඖෂධය රජය මඟින් ගෙන්වා එක් කරලක් රුපියල් 16.75කට විකුණද්දී එම සමාගම ලංකාවට ගෙන්වා කරන අළෙවියේදී එම කරලම රුපියල් 32.80කට විකුණන බව වෛi ගිශාන්ත දසානායක පැවැසීය. තවදුටත් සෞඛ්‍ය පෞද්ගලිකකරණය පිළිබඳ අදහස් දැක්වූ ඔහු පැසුවේ මීට එරෙහි සාමූහික අරගලයකට එක් විය යුතු බවයි.