කෝ නිදහස?, මේ සමරන්නේ ටික දෙනෙක්ගේ නිදහසයි -දුමින්ද නාගමුව

nidahasa1

‘‘පෙබරවාරි 04 වෙනිදා ආණ්ඩුව නිදහස් දිනය සමරනවා. සමහරුන්ට මේක අලූත් අත්දැකීමක් වෙන්න පුළුවන් නිදහස් දවසේ උද්ඝෝෂණය කරලා කියන්න තියෙන්නේ මොණවද කියල? මොකක්ද මේ පාරවල් වහගෙන සමරන නිදහස? වෙන මොණවත් නෙවෙයි මේ සමරන්නේ ටික දෙනෙක්ගේ  නිදහස. සාතිශය බහුතරයට නිදහස කියන වචනෙවත් කියන්න නිදහසක් නෑ.’’

පෙරටුගාමී සමාවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මෙම අදහස් පළ කළේ පෙබරවාරි 04 වැනිදා කොටුව බෝ ගස අසල පැවැති විරෝධතාවකදී. වසර 68 ක් තිස්සේ නිදහස, නිදහස කියමින් සමරන ඊනියා නිදහස සැබෑ නිදහසක්ද? කම්කරුවන්ට, ධීවරයන්ට, ගොවියන්ට, ශිෂ්‍යයන්ට, කාන්තාවන්ට, දේශපාලන රැුඳවියන්ට, පමණක් නොව සියලූ පීඩිතයන්ට ලැබී ඇති නිදහස කුමක්ද? යනුවෙන් ප‍්‍රශ්න කරමින් පැවැති මෙම විරෝධතා ව්‍යාපාරයේදී දුමින්ද නාගමුව සහෝදරයා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියා.

‘අපි අහනවා රාජපක්ෂ පාලනයට පුළුවන් තරම් තඩිබාලා ආපු ලොක්කන්ගෙන් අපි අහනවා රාජපක්ෂ පාලනයෙන් අසාධාරණයට ලක්වෙච්ච එක්නැලිගොඩලට යුක්තිය ඉෂ්ඨ වුනාද? ඒ පවුල් වලට, ඒ දරුවන්ට මේක නිදහස් දිනයක්ද? මේ රටේ දෙමල මිනිහගේ ප‍්‍රශ්නේ මේ රටේ සිංහල මිනිහටත් අදාළයි කියන පණිවිඩය කියන්න උතුරට ගිය ලලිත්ලට, ඒ හා එක්වෙච්ච කුහන්ලට තියෙනවාද මේ නිදහස? ඔවුන්ගේ දරුවන්ට පවුල් වල අයට සමරන්න නිදහසක් තියෙනවාද? ඒ විතරක් නෙවෙයි රාජිත සේනාරත්නලා ඒ දවස්වල හැමදාම මාධ්‍ය සාකච්ඡුා වල කියපු ලසන්ත වික‍්‍රමතුංගලාට, එක්නැලිගොඩලට කොයිද නිදහස? ඉෂ්ඨ වුනාද සාධාරණය. මේ රටේ දේශපාලන රැුඳවියන්ගේ ප‍්‍රශ්නේ පාවිච්චි කරලයි මේ අය බලයට ආවේ. අද මෛත‍්‍රීපාල උන්නැහෙයි, රනිල් වික‍්‍රමසිංහ උන්නැහෙයි දෙන්නම කියනවා මේ රටේ දේශපාලන සිරකරුවෝ කියලා ජාතියක් නැහැයිලූ. ඉන්නේ ත‍්‍රස්තවාදී සැකකරුවන්ලූ. අපි කියනවා මේ අය බොරුවට ජාතිවාදී නෑ වගේ පෙන්නුවට බොරුවට සිංහල ජාතිවාදයට අභියෝග කළාට ඔයාලා  ඕන වෙලාවක ඒකත් එක්ක නිදිවදින්න ලැහැස්තියි. ඒක තමයි මේ කියන්නේ. කෝ දෙනව කිව්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආදර්ශ. බඳගිරියේ, මීතොටමුල්ලේ මිනිස්සුන්ට, ශිෂ්‍යයන්ට, ගොවියන්ට, කම්කරුන්ට ඔවුන්ගේ විරෝධතා වලදී දීල තියෙන උත්තරේ රාජපක්ෂ ආණ්ඩුව  කරපු දේම නෙවෙයිද? හිරුණිකාලට පැය දෙකෙන් ලැබුණු නිදහස කුමාර් ගුණරත්නම්ලට ලැබුණද? ඒ විතරක් නෙවෙයි අදත් මේ රටේ කර්මාන්ත ශාලා තියෙනවා මැෂින් ක‍්‍රියාත්මකවෙන. අපි අහනව උඹලා ගෝල්ෆේස් එකට වෙලා සමරන නිදහස මොකක්ද? කියලා.’

මෙම අවස්ථාව සඳහා විවිධ බලවේග නියෝජනය කරමින් පැමිණි පිරිස් ඔවුන්ට ලැබී ඇතැයි කියන ඊනියා නිදහස ප‍්‍රශ්න කෙරෙන විරෝධතා පුවරු රැුගෙන විරෝධතාවට සම්බන්ධ වී තිබුණා.

nidahasanidahasa1

nidahasa2

nidahasa3

nidahasa4