ෆොන්ටෙරා සමාගම විසින් ඉදිකරන පුහුණු ගොවිපොළක් විවෘත කිරීමට නවසීලන්ත අගමැති ජෝන් කී මහතා ලබන මස ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.
ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම විසින් ඉදිකිරීම් ආරම්භ කරන ලද ආදර්ශන හා පුහුණු ගොවිපොළ විවෘත කිරීම සඳහා නවසීලන්ත අගමැතිවරයා මෙලෙස ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත. පන්නල පිහිටා ඇති මෙම ආදර්ශන හා පුහුණු ගොවිපළ සඳහා ෆොන්ටෙරා ආයතනය රුපියල් මිලියන 117ක් ආයෝජනය කර තිබේ.
ෆොන්ටෙරා යනු පසුගිය කාලයේ ආන්දෝලනයකට තුඩු දුන් නවසීලන්ත කිරිපිටි ගෙන්වන සමාගමකි.