මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ රජයේ නීතිඥවරයා ලෙස පෙනී සිටින නීතිඥ දිලීප පීරිස් මහතා එම නඩු කටයුතුවලින් ඉවත්කර ඇතැයි වාර්තා වේ.
වැඩ බලන නීතිපති සුහද ගම්ලත් මහතා විසින් මේ බව (26) උදැසන දැනුම් දී ඇතැයිද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
අදාළ නඩුව ඊයේ විභාග වෙමින් තිබියදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහස කළ බැවින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටින ලද්දේ නීතිඥ දිලීප පීරිස් මහතා හා නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා විසිනි.
නීතිඥ දිලීප පිරිස් මහතා දිගින් දිගටම යුද හමුදාවට සහ ආරක්ෂක අංශවලට චෝදනා එල්ල කරන බැවින් ඔහු අදාළ නඩුවෙන් ඉවත් කරන ලෙස යුද හමුදාවේ නීති නිලධාරිනිය සහ හමුදා කර්නල්වරයකු පසුගියදා හිටපු නීතිපතිවරයා හමුවී ඉල්ලීමක් කර තිබිණ. කෙසේ නමුත් මේ වන විට සිදු වෙමින් පවතින දේවල් අනුව එක්නැලිගොඩ නඩුව යටගැසීමේ කුමන්ත‍්‍රණක් ඉතා සීරුවෙන් සිදු වන බව විචාරකයෝ පවසති. පසුගියදා ජනාධිපතිවරයා විසින් විදෙස් පුවත් සේවයකට ලබා දුන් සම්මුඛ සාකච්ඡුාවකදී කියා සිටියේ පරීක්ෂණවලට හමුදා උපකාර නොලැබෙන බව කීමට සන්ධ්‍යා එක්නැලිගොඩ විශේෂඥවරියක් නොවන බවයි.