අද උදෑසන පකිස්ථානු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් සොහායිල් ආමන් දෙදින සංචාරයක් සඳහා පැමිණ ඇත. ශ්‍රීලංකා ගුවන් හමුදාපතිවරයාගේ ආරධනාවට අනුව ඔහු පැමිණි බව වාර්තාවේ. පාකිස්ථාන ගුවන් හමුදාපතිවරයා මෙරට රැදී සිටින දෙදින තුල ජනාධිපතිවරයා හා අගමැතිවරයා හා ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හමුවීමට නියමිත බව වාර්තාවේ.
පාකිස්ථාන තානාපතිකාර්යාල තොරතුරැවලට අනුව දෙරට අතර මිත්‍රත්වය වර්ධනයට හා දෙරටට බලපාන ආරක්ෂක කටයුතු ගැන තම ගුවන් හමුදාපතිවරයා ශ්‍රීලංකා ගුවන් හමුදා පතිවරයා සමග දිවිපාර්ශවික සාකච්ඡාවකද නිරතවනු ඇති බවයි.
පසුගියදා මෙරට මාධ්‍ය වාර්තා පළවී තිබුනේ එයාර් ලංකා හා මිහින් එයාර් සමාගම් සමග ඒකාබද්ධව වැඩපිලිවෙක් පිළිබදව පාකිස්ථානයද විශේෂ මැදිහත්වීමක් කිරීමට කැමැත්තෙන් සිටින බවයි. එරට ගුවන් හමුදාපතිවරයාගේ මෙරට සංචාරය තුලදී ඒ පිළිබදවද යම් ඇගවුමක් තිබෙන්න පුළුවන්.