අනධ්‍යයන වර්ජනය අවසන් – විශ්වවිද්‍යාල විවෘත කිරීම ඉක්මනින්

2016.5.6 Kelaniya university

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය  ඊයේ (08) අවසන් වීම නිසා විශ්වවිද්‍යාල ඉක්මනින් විවෘත කළ හැකි වනු ඇති බව අනධ්‍යයන සේවකයෝ පවසති.

දිගුකාලයක් විසදුම් නොදුන් ඉල්ලීම් ගණනාවක් මත වැඩවර්ජනයකට එළඹ දින 13කට පසු මෙසේ සටන අත්හරින්නට තීරණය කෙරුනේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සමග පැවැති සාකච්ඡාවකින් පසුවය. මෙහිදී අනධ්‍යයන සේවකයන්ගේ පාර්ශ්වය වර්ජනය අවසන් කර රාජකාරියට පැමිනෙන බවටත් ඇමැතිවරයා විසින් සේවක ඉල්ලීම් ලබාදෙන බව හා වර්ජකයන්ගෙන් පලිනොගන්නා බවට ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් කරන ලදී. සේවයට වාර්තා නොකළවුන් සේවය අතහැර ගියා සේ සලකන බවට මින් පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කළ චක්‍රලේඛය ගිවිසුමට යටත්ව  බලරහිත වනු ඇත. ඒ අනුව අද (09) සිට රාජකාරියට වාර්තා කරන බව අනධ්‍යන සේවකයෝ පැවසූහ.

මේ අතර විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමට මෙයින් අවස්ථාව ලැබන බවද අනධ්‍යයන සේවකයෝ ප්‍රකාශ කළහ. සබරගමු විශ්ව විද්‍යාලයේ සරසවියේ සියලු පීඨ 10 වැනිදා විවෘත කරන බවත් නේවාසිකාගාර සඳහා 9 වැනිදා සිට සිසුන්ට පැමිණිය හැකි බවත් එම විශ්වවිද්‍යාල බලධාරින් පවසයි.

Leave a Reply