තමන් විසින් විවිධ අවස්ථාවලදී දේශපාලන පක්ෂ තෝරාගත්තේ සහ පක්ෂ මාරු කළේ තමන්ට බලපෑ පෞද්ගලික හේතු නිසා මිස එම පක්ෂවල ප්‍රතිපත්තිවලට ගරුකළ නිසාම නොවන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කලේ පසුගිය සිකුරාදා (20) ගංගොඩවිල දිසාඅධිකරණයේදී සාක්ෂිකරුවකු ලෙස නීතිඥ නුවන් බෝපගේ නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ‘ජනරළ‘ පුවත්පත විසින් 2013 ජූලි 28 වැනිදා ‘මේ දයාසිරිලාගේ ලෝකයයි‘ යන මාතෘකාවෙන් පළ කළ ලිපියක් නිසා තමන්ට අපහාසයක් සිදුව ඇතැයි වන්දි නඩුවක් පවරා ඇති දයාසිරි ජයසේකර ඇමතිවරයා එදින සාක්ෂි දීමෙන් පසුව හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව වගඋත්තරකාර ‘ජනරළ‘ පුවත්පත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට හිමි විය.
එහිදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීවේ ආරම්භයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිස වරින් වර එ.ජා.ප. හා පොදු පෙරමුනු දේශපාලනයට මාරු වූයේ ප්‍රතිපත්තිමය හේතුවලට වඩා වෙනත් පුද්ගලික හේතු නිසා බවයි. පක්ෂ මාරු නොකරන බවට කළ ප්‍රකාශ සහිතව ‘ජනරළ‘ පුවත්පතේ පළ කර ඇති සම්මුඛ සාකච්ඡා පිළිබද වැඩිදුරටත් පිළිතුරු දෙමින් ඇමතිවරයා කීවේ ඒ තමන් විසින් ලබාදුන් ඒවා නොවන බවය. එවැනි සාකච්ඡා දුරකථනයෙන් ලබාගන්නා නමුත් මෙසේ පුවත්පතේ පළව ඇති සාකච්ඡා පිලිබද සාක්ෂි තමන් වෙත නැතිවා මෙන්ම පුවත්පත සතුවද නැති බව ඔහු කීය.