தமிழ்
English
Contact
Thursday 7th December 2017    
දෙමළ වැසියන්ගේ ඉල්ලීම් ඉටු නොකරන නිසා හර්තාලයක් කැදවයි « Lanka Views | Views of the truth

දෙමළ වැසියන්ගේ ඉල්ලීම් ඉටු නොකරන නිසා හර්තාලයක් කැදවයි



උතුරු නැගෙනහිර පළාත්හි යුද සමයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් ෙගනයන සත්‍යග්‍රහයන්ට ෙම් දක්වා විසඳුමක් නොලැබීම නිසා ඔවුන්ට සහය වීමක් වශයෙන් උතුරු නැගෙනහිර පළාත්වල හර්තාලයක් සිදු කිරීමට උතුරු මහඇමති සී.වී.විග්නේස්වරන් සභාපතීත්වය දරන දෙමළ ජනතා සභාව විසින් පියවර ගෙන ඇත.

මේ වන විටත් උතුරු නැගෙනහිර පිහිටි සියලු වෙළඳසැල් හා පෞද්ගලික ආයතනයන් වෙතට හර්තාලයට සහය වන මෙන් දැනුම් දී ඇත.

උතුරු නැගෙනහිර පලාත්හි දිස්ත්‍රීක්ක කිහිපයක මේ වන විට අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් මාස දෙකකට වැඩි කාලයක් සිය අතුරුදන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලා සිටියද මෙතෙක් වත්මන් ආණ්ඩුව විසින් මෙම ගැටලුවට විසඳුමක් ලබා නොදීම නිසා පූර්ණ හර්තාලයක් සිදු කිරීම සඳහා සහය වන්නයි උතුරු නැනෙහිර වෙළඳ සංගම් වෙතට දැනුම් දී ඇත.




Related News