தமிழ்
English
Contact
Thursday 7th December 2017    
ජනාධිපති සැබෑ මුහුණ පෙන්වයි! මර්දනයට සැලසුම් හදයි! « Lanka Views | Views of the truth

ජනාධිපති සැබෑ මුහුණ පෙන්වයි! මර්දනයට සැලසුම් හදයි!



හදිසි වැඩවර්ජන හා ජනතා විරෝධතා වැනි අවස්ථාවලදී ක්‍රියාත්මක වෙමින් ආණ්ඩුවේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාව දී කටයුතු කරන බලවත් ආයතනයක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවන්නට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබේ.

ආණ්ඩුව විසින් පසුගිය අපේ‍්‍රල් 25 වන දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී, මෙම විශේෂ ව්‍යුහය නිර්මාණය කිරීමට තීරණය කර තිබේ. පසුගිය දිනවල පැවැති ඛනිජ තෙල් සේවක වැඩවර්ජනය වැනි තත්වයකදී ක්‍රියාත්මක වියහැකි ආකාරයේ යාන්ත්‍රණයක් ඇතිකිරීමට මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබේ. මෙම යෝජනාව අනුව, ආරක්ෂක හමුදාව විශේෂ අවස්ථාවන්ට ගැලපෙන පරිදි පුහුණු කිරීමටක් එවැනි අවස්ථාවන්ට මුහුණ දෙන්නට හැකි ඉහළ පෙළේ කමිටුවකින් එම අවස්ථාවේ දේශපාලන තීන්දු පිළිබද කටයුතු කරන කමිටුවක් පත්කිරීමටත් ජනාධිපතිවරයා නිර්දේශ කර ඇත. මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පත් කිරීමටද ජනාධිපතිවරයා යෝජනා කර ඇත. වැඩවර්ජන හා උද්ඝෝෂණවලට මුහුණදීමට යැයි කියමින්, ආණ්ඩුවේ අමනෝඥ හා මර්නකාරී තීරන හේතුවෙන් පැන නගින ජනතා විරෝධය, වෘත්තීය සමිති, බහුජන සංවිධාන මෙන්ම අසාධාරණයන්ට, අගතියට හා පීඩාවට ලක්වන විවිධ ජන කණ්ඩායම්වල ක‍්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා ාමම මර්දක බල ව්‍යුහය යොදාගන්නට අපේක්ෂිතය.

පසුගිය දිනවල කසළ කදුගැසීමට විරෝධය පළ කරන ජනතාවට එරෙහිව මර්දනය කැදවීමටද හැකිවන පරදි කසළබැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් කිරිමේ නියෝගයක් ද ජනාධිපතිවරයා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලදී. කසළ කන්ද නිසා ජිවිත වැනසී යද්දී තවදුරටත් කසළ කදු ගැසීමට එරෙහිව පෙළ ගැසුනු ජනතාවට විසද්‍රමක් දෙනු වෙනුවට අත්‍යවශ්‍ය සේවා නියෝග යටතේ මර්දනය කැදවීම ගැන විරෝධයක් ජනතාව අතර වැඩි වෙමින් තිබේ.




Related News