‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ‘ – ගාල්ල සම්මන්ත්‍රණය

campaign-for-democracy-galle1

‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ‘ විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ තවත් පියවරක් ඔක්තෝබර් 06 වැනි දින ගාල්ලේ නගරසභා ක්‍රීඩා මණ්ඩපයේදී පැවැත්විණි .

දේශපාලන සිරකරුවන් නිදහස්කරනු,

කුමාර් ගුණරත්නම්ගේ පුරවැසි අයිතිය පිලිගනු

මර්දන නීති අහෝසි කරනු

යන සටන්පාඨ තේමා කරගෙන මෙම සම්මන්ත්‍රනය පැවැත්විණි.

ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂය නියෝජනය කරමින් දිනුක සපුතන්ත්‍රි, එක්සත් සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් ධම්මිකා ද සිල්වා , සමාජවාදී පක්ෂය වෙනුවෙන් මහින්ද දේවගේ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් සනත් බන්ඩාර හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත යන සහෝදරිය හා සහෝදරවරු මෙම අවස්තාවේ අදහස් දක්වන්නට සහභාගි වූහ. ලංකාවේ සමාජය මුහුණදී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳ අභියෝග සහ ඒ අභියෝග හමුවේ ජනතාවග් ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් වෙනුවෙන් සටන් කිරීම සඳහා වාමාංශික බලවේගයක් ගොඩනැගීමේ අවශ්‍යතාව එහිදී සාකච්ඡාවට බඳුන් විය. 

cfd-galle-sanath

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් සනත් බන්ඩාර

cfd-galle-chameera

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත

cfd-galle-dinuka

ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂය නියෝජනය කරමින් දිනුක සපුතන්ත්‍රි

cfd-galle-dammika

එක්සත් සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් ධම්මිකා ද සිල්වා

cfd-galle-dewage

සමාජවාදී පක්ෂය වෙනුවෙන් මහින්ද දේවගේ