පකිසථාන් බුද්ධි අංශය වන අයි. එස්. අයි. ප්‍රධානී ලෙස කටයුතු කළ ලුතිනන් ජනරාල් රිස්වාන් අක්තාර්ව සිය තනතුරෙන් ඉවත් කර ඇතැයි වාර්තාවේ.
පුරප්පාඩුව සදහා අයි. එස්.අයි. මාධ්‍ය අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ලුතිනන් ජනරාල් නවීඩ් මුක්තාර් නව බුද්ධි අංශ ප්‍රධානී ලෙස පත්වීමට නියමිත බව එරට ඩොවන් පුවත්පත වාර්තා කරයි.
එරට නව හමුදාපතිවරයා ලෙස ජනරාල් ජාවෙඩ් බජ්වා මීට සති දෙකකට පෙර පත්කරන ලදී. නව වෙනස්කම් කිහපයක් එට ආරක්ෂක අංශ තුල සිදු කරනු ලැබීය.
දිගු කලක් පකිස්ථාන හමුදාපති ලෙස කටයුත් කළ ජනරාල් රහීල් ෂරීෆ් පසුගියදා විශ්‍රම ගත්තේයග මෙම නව වෙනස් කම් සිදු කරනු ලබන්නේ නව හමුදා පතිපත්වීමෙන් පසුවයි.
කලාපීය බුද්ධි මෙහෙයුම්වල පරිණත අත්දැකීම් සහිත බුද්ධි සේවාවක් ලෙස පකිස්ථාන් අයි.එස්.අයි. බුද්ධි අංශය ප්‍රචලිතය.