දකුණු අප්‍රිකාණු ජනාධිපති ජැකොබ් සූමා විශ්වාසභංගයෙන් ගැලවෙයි

jakob suma

දකුණු අප්‍රකාණු විපක්ෂය විසින් එරට ජනාධිපති වරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගය පසුගිය අගහරුවාදා පරාජයවී ඇත. විශ්වාසභංගයට එරෙහිව ඡන්ද 225ක්ද, ඡන්ද99ක් පක්ෂවද, ඡන්දය දුන් අතර තවත් 22ක් ඡන්ද විමසන අවස්ථාවට සහභාගී නොවීය.

2005 වසරේ එවකට ජනාධිපති තාබෝ උම්බකීගේ පාලන සමයේදීද උප ජනාධිපතිවරයකු ලෙස සිටින විටදී සුමාට එරෙහිව එරට විපක්ෂය විසින් දූෂණ වංචා පිළිබදව චෝදනා කර තිබුනි.

එම චෝදනා තිබියදීම 2009 වසරේ ඔහු ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඉන් පසුව එරට විපක්ෂය අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයාට එරෙහිව මහාපරිමාණ කොමිස් ගැනීම් හා අරමුදල් තම පරිහරණයට ගැනීමට අදාලව චෝදනාවන් ගණනාවක් යටතේ දිගින් දිගටම විවිධ උද්ඝෝෂණ දියත් කර තිබුනි.

ජනාධිපතිවරයාට එරෙහිව නඩු ගණනාවක්ද මේ වන විට එරට අධිකරණයේ විභාගවෙමින් තිබේ. එම නඩු විභාගවන අතරම පසුගියදා මෙම විශ්වාසභංග යෝජනාව එරට විපක්ෂ්ය විසින් පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබුනු අතර පාලක අප්‍රිකානු කොංග්‍රස් මන්ත්‍රීවරැන් මෙම විශ්වාසභංගයට එරෙහිව වීමෙන් එම විපක්ෂයේ උත්සාහය වැලකීගොස් ඇත.

තම ජනාධිපති බලය උපයෝගී කර ගෙන අදාල චෝදනාවලින් ගැලවීමට කටයුතු කර බව එරට විපක්ෂය චෝදනා කරයි.