පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති විශාලතම අභය භූමිය වන තබ්බෝව රක්ෂිතය දේශපාලන බලවතුන්ගේ අනුග්‍රහය ඇතිව කෙරෙන ඉදිකිරීම් නිසා විනාශ වෙමින් යන බව වාර්තා වේ.
තබ්බෝව අභය භූමියේ මේ වන විට අක්කර 50 කට ආසන්න ප්‍රමාණයක් හෙළි පෙහෙළි කර අවසන් අතර එහි විශාල වන විනාශයක් සිදුව තිබේ.මීට අමතරව දැවැන්ත පුරා විද්‍යා නටඹුන් සංහාරයක් සිදු කෙරෙන අතර තබ්බෝව පුරා විසිරී ඇති ඉපැරණි ගල් කණු මේ වන විට නිවාඩු නිකේතනවල අසුන් ලෙස භාවිත කෙරේ.
වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් මෙම භූමිය එහි කිසිදු අවසරයකින් තොරව දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා රාජ්‍ය නිලධාරීන් විසින් බදු පදනම මත ලබා දී ඇත්තේ නීති විරෝධී ලෙසය.
කෙසේ වෙතත් තබ්බෝව අභය භූමියේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම්වලට එරෙහිව නඩු පවරන බව වන ජීවි දෙපාර්තමේන්තුව පවසයි.
උපුටා ගැනීම ජනරළ පුවත්පත

