ජාතික ක්‍රීඩා සමාප්ති භෝජනයේදී දයාසිරි කැත කරයි!

dayasiri-jayasekara

ජාතික ක්‍රීඩා උලෙල අවසානයේ ඊයේ (2) රාත්‍රියේ යාපනයේ පැවැති භෝජන සංග්‍රහයකදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර විසින් මාධ්‍යවේදින් දෙදෙනකුට තර්ජනය කර ඇත.

යාපනේ දොරේඅප්පා ක්‍රීඩාංගනයේ පැවති ජාතික ක්‍රීඩා උලෙල වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදින් ඇතුළු පිරිසක් වෙනුවෙන් මෙම භොජන සංග්‍රහය පවත්වනු ලැබුවේ යුධ හමුදාව විසින් පාලනය කරන යාපනයේ තල් සෙවණ ආපන ශාලාවේදිය. එම අවස්ථාවේ ජාතික ක්‍රීඩා උළෙල්දී වූ අඩුපාඩු සම්බන්ධයෙන් ඇමැතිවරයාට කරුණු දක්වන්නට ත්සාහ කළ මව්බිම සහ අද පුවත්පත්වල මාධ්‍යවේදින්ට ඇමැතිවරයා තර්ජනය කර ඇත. ඔවුන් ක්‍රීඩා උලෙලේ ප්‍රශ්න පිළිබද අදහස් පළ කරන්නට සූදානම් වීමත් සමග කෝපයට පත් ඇමැතිවරයා විසින් ඔවුන්ගේ මාධ්‍ය ආයතනය කුමක්ද යන්න විමසා ඇත. එහිදි එක් මාධ්‍යෙව්දියකු සිය ආයතනය ‘මව්බිම‘ බව ප්‍රකාශ කිරීමත් සමඟ “මව්බිම පත්තරකාරයො මෙතනට ඕන නෑ යනවා එලියට!“ යනුවෙන් ඇමැතිවරයා විසින් බැණ වැදී ඇත. එම අවස්ථාවේදී ුඅමඅත්වරයාගේ ප්‍රතිචාරය නුසුදුසු බව පෙන්වා දුන් ‘අද‘ පුවත්පතේහි ක්‍රීඩා මාධ්‍යවේදියාද “තමුසේ ගැන මම පස්සේ බලා ගන්නම්“ යනුවෙන් තර්ජනාත්මකව පවසා තිබේ. මෙම් අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇමැතිවරයාගේ හැසිරීම ගැන සිය අප්‍රසාදය පළ කර තිබේ. එහිදී ක්‍රීඩා ඇමැති දයාසිරි විසින් එම මාධ්‍යවේදින් දෙදෙනාව එතැනින් පිටතට ඇද දැමීමට සිය ආරක්ෂකයන්ට නියෝග කර ඇත. ක්‍රීඩා අමාත්‍යංශයේ ආරාධනා පිට එහි ගිය මාධ්‍යවේදින් ඊට එරෙහි වූයෙන් ආරක්ෂකයන් විසින් ඒ දෙදෙනාට පහර දී බලහත්කාරයෙන් එලියට ගෙන යාමට උත්සාහ කර ඇත. තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඇමැතිවරයාට විරෝධය පළ කර මාධ්‍යවේදින් දෙදෙනා ඇමැති ආරක්ෂකයන්ගෙන් ආරක්ෂා කර තිබේ. මෙහිදී මාධ්‍යවේදින්ගේ දුරකතන ද ඇමැති ආරක්ෂකයන් විසින් පැහැර ගෙන ඇත.

මෙම පහර දිම සම්බන්ධයෙන් පැමිණිල්ලක් බාර ගැනිමද යාපනය පොලීසිය ප්‍රතික්ෂේප කර ඇත. පසුව මාධ්‍යෙව්දීන්ගේ දැඩි ඉල්ලීම හා බලපෑම් කිරීමෙන් පසුව පැමිනිල්ල භාරගෙන තිබේ.