චීන ආර්ථිකයේ නැඟීමයි; වැටීමයි;

china

චීනයේ ධනවත්ම පන්තීන් තමන්ගේ ආදායම් ලබාගන්නා ආකාරයට පසුබිම් වූ කරුණු කිහිපයක් තියෙනවා. මේවා නීත්‍යනුකූල සහ නීත්‍යනුකූල නොවන යන දෙආකාරයෙන්ම සිදු වෙනවා.

(1) රාජ්‍ය සහ පොදු දේපොළ පෞද්ගලිකකරණය එක් ප‍්‍රධාන හේතුවක් (2) කම්කරු අයිතිවාසිකම්, කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා පනවා තිබූ නීති රෙගුලාසි පසුගිය කාලයේ ක‍්‍රමානුකූලව ඉවත් වීමයි, සමාජ සුභසාධනය සඳහා පනවා තිබූ නීති සම්පාදනයන් බරපතළ ලෙස දුර්වල කිරීම නිසා ලාභ ශ‍්‍රමය දරුණු ලෙස උකහාගන්න පසුබිම සකස් වී තිබෙනවා (3) දිගු කාලයක් පුරාවට පවතින මහා පරිමාණයෙන් සිදුවන රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණය තවත් එක් හේතුවක් (4) නගරවල, ගම්මානවල ජීවත් වෙන ජනතාවගේත් ගොවියන්ගේත් ඉඩම් රාජ්‍ය අනුග‍්‍රහය සහිතව ප‍්‍රචණ්ඩ ලෙස බලයෙන් අත්පත් කර ගැනීමයි, ඒවා පෞද්ගලික ආයෝජකයන් වෙත පැවරීමයි නිරන්තරවම සිදු වෙනවා. (5)දේපොළ-ඉඩකඩම් සමාගම් මඟින් සිදු කරනු ලබන සමපේක්ෂණය තවත් එක් ප‍්‍රබල කරුණක්. (6) චීන ආර්ථිකයේ රාජ්‍ය නියාමන ප‍්‍රතිපත්තිවල සිද්ධ වුණු වෙනස්කම් නිසා වෙළෙඳපොළ පාලනය කිරීම සුළු කණ්ඩායමකට අධිකාරී බලයක් ලෙසින් තහවුරු කෙරෙන කතිපයාධිකාරී තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. (7) මහා පරිමාණ ලෙස බදු පැහැර හැරීමයි, කළු සල්ලි ජාවාරමයි, විශාල ලාභ මුදල් විදේශ බැංකුවල තැන්පත් කිරීම තවත් හේතුවක්. (8) රාජ්‍යයේ මැදිහත්වීම මාර්ගයෙන් කම්කරුවන්ගේ වැටුප්වල මූර්ත අගය නිරන්තරයෙන් පහළ දැමෙනවා. අනිත් පැත්තෙන් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයන් මර්දනය කරනවා. මේකත් මේ ධනවතුනගේ ලාභය වැඩි කරන්න බලපාන ප‍්‍රධාන කාරණාවක්.

අපනයන මූලික ආර්ථික ක‍්‍රමෝපාය
චීන කොමියුනිස්ට් පක්ෂ පාලනයේ ආර්ථිකය මූලික වශයෙන්ම රඳා පවතින්නේ අපනයන මූලික ආර්ථික ක‍්‍රමෝපාය මත. මේ මූලෝපාය සාර්ථක කරගන්න ලෝක වෙළෙඳපොළේ තරගකාරීත්වයට මුහුණ දෙන්න වෙනවා.

මේක කරන්නේ චීනයේ ශ‍්‍රමය සඳහා ගෙවන මුදල හැකි තරම් අඩු කිරීමෙන්. මේ ලාභ ශ‍්‍රමය උකහාගැනීමේ ක‍්‍රියාවලියෙන් තමයි නැඟී එන චීන ධනපතියන් තමන්ගේ ලාභ පංගුව වේගයෙන් වැඩි කරගනිමින් ඉන්නේ. ප‍්‍රාග්ධනය සංකේන්ද්‍රණය අරමුණු කරගත්තු මේ ප‍්‍රාග්ධන-මිත‍්‍ර ආර්ථික මොඩලය තමයි එක්සත් ජනපදයේ, ජපානයේ සහ යුරෝපීය රාජ්‍යන්ගේ බහුජාතික සමාගම් චීන ධනපතියන් සමඟ ඒකාබද්ධ වෙලා චීනයේ ආයෝජනය කරන්න ලොකු ආකර්ශනයක් වෙලා තියෙන්නේ.

චීනයේ ධනේශ්වරකරණයේ වේගය සඳහා ධනේශ්වර කණ්ඩායම්වල තුන් ඈඳුතු සුසංයෝගයක් පේන්න තියෙනවා. ඒ දේශීය පෞද්ගලික ධනපතියන්, විදේශීය ධනපතියන් සහ චීන රාජ්‍යයේ ධනපතියන් කියන තුන් ගොල්ල. මේ තුන් ගොල්ලම කොමියුනිස්ට් පක්ෂය සහ රාජ්‍ය තුළ සිදු වෙන දීර්ඝකාලීන සහ මහා පරිමාණ වංචා දූෂණවලින් උපරිම වාසි ගන්නවා.

FIRE ආර්ථිකය
ආර්ථික වර්ධන ඉලක්කම් හරහා චීනයේ ආර්ථිකය වර්ධනය වෙන බව පෙනෙන කොට සිද්ධ වුණු දේ තමයි නිෂ්පාදන ආර්ථිකයේ ඉඳන් FIRE ආර්ථිකයකට මාරු වීම. මොකක්ද මේ FIRE ආර්ථිකය කියන්නේ.

මූල්‍ය (finance), රක්ෂණ (insurance), දේපොළ වෙළෙඳාම් (real estate), ත‍්‍රිත්වය. ඒ කියන්නේ චීනයේ ආර්ථිකය වර්ධනය වෙනකොට ක‍්‍රමානුකූලව සේවා ආර්ථිකය පුළුල් වීමෙන් නිෂ්පාදන ආර්ථිකය සහ සේවා ආර්ථිකය අතර අනුපාතය වේගයෙන්ම වෙනස් වුණා. ආර්ථිකය ‘ලිබරල්කරණය’ වෙන්න වෙන්න දේශීය සහ විදේශීය මූල්‍ය සමාගම්වල වේගවත් ව්‍යාප්තියක් සිද්ධ වුණා. ප‍්‍රධාන ආයෝජකයන් වගේම මිලියන ගණනක් චීන මධ්‍යම පාන්තිකයන් මේ අලූත නිර්මාණය වුණු සමපේක්ෂණ ලාභ පසු පස්සේ හඹා ගියා.

රටක ආර්ථිකයක සමපේක්ෂණ ස්වරූපය වර්ධනය වුණාම තියෙන ප‍්‍රශ්නය තමයි ඇත්ත නිෂ්පාදනීය වටිනාකම් වෙනුවට ව්‍යාජ වටිනාකම් මැවීම. ආර්ථිකයක සමපේක්ෂණ ස්වරූපය වර්ධනය වෙනකොට සිද්ධ වෙන දේ තමයි ඒ ආර්ථිකය බිඳවැටීමට තියෙන අනතුර වර්ධනය වීම.

අර්බුදයේ හේතු
පසුගිය වකවානුවේ චීන ආර්ථිකයේ නැඟීමට ප‍්‍රධානතම හේතුව වුණේ එක පැත්තකින් චීනය ලෝකයේ බොහෝ භූමි භාගයන්හි අමුද්‍රව්‍ය සඳහා මූලික වෙළෙඳපොළක් බවට පත් වීම. අනිත් පැත්තෙන් ලතින් අමෙරිකාවට, අප‍්‍රිකාවට සහ ආසියාවට පාරිභෝගික
භාණ්ඩ අපනයනයේ ප‍්‍රධාන කේන්ද්‍රය වුණෙත් චීනයයි.

චීනයේ ආර්ථික නැඟීමෙන් කලබල වුණු එක්සත් ජනපදය අසල්වාසී චීන විරෝධී රාජ්‍යයන් මඟින් යුදමය වශයෙන් චීනය වටලෑමත් එවැනි බොහෝ රටවල් එක්ක චීනය පිටමං වන ආකාරයෙන් ආර්ථික ගිවිසුම්වලට එළඹීමත් සිදු වුණා. මේ තත්වය චීන ආර්ථිකයට බලපෑවා. මීට අමතරව යුරෝපයේ පහුගිය අවුරුදු හත අටක ඉඳන් පවතින ආර්ථික අවපාතය නිසාත් එක්සත් ජනපදයේ මූල්‍ය අර්බුදය නිසාත් චීනයේ අපනයන ආර්ථික මොඩලයේ ඉහළ වර්ධනයට සැලකිය යුතු බලපෑමක් සිද්ධ වුණා. ත්‍ෂඍෑ ආර්ථිකයම මාරු වුණු ධනවත් චීන ආයෝජකයන් දේපොළ-වෙළෙඳාම් ක්ෂේත‍්‍රයේ සමපේක්ෂණය හේතුවෙන් ආර්ථික බුබුලක් නිර්මාණය කළා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ නිලධාරීන් දූෂිත ලෙස ලාභ ලබමින් තිබුණු රාජ්‍ය ව්‍යවසායන් අත්පත් කරගත්තා. මේක චීන ආර්ථිකයේ එකතැන පල්වීමට තවත් හේතුවක් වුණා. අනිත් පැත්තෙන් කම්කරු අරගල හේතුවෙන් සමහර කම්කරු කොටස්වලට වාර්ෂිකව 10%ක වැටුප් වර්ධකයක් දෙන්නට සිදුවීමත් චීනයේ ධනවාදී ආර්ථිකයට පහරක් වුණා.

සමහර දේපොළ වෙළෙඳ සමාගම්වල ඕනෑ එපාකම් මත ප‍්‍රචණ්ඩ විදියට බලෙන් ඉඩම් අත්පත් කරගැනීමේ ක‍්‍රියාවලියටත් ජනතා විරෝධයන් පැන නැඟීමත් මේ දේපොළ වෙළෙඳ සමාගම්වල වර්ධනයට බාධාවක් වුණා. ලෝක ආර්ථික අර්බුදය මැද්දෙ සිද්ධ වුණු ප‍්‍රධානතම දේ තමයි චීනයේ අපනයනවල ඉල්ලූම පහත වැටීම. මේක චීන ආර්ථිකයේ සෑම ක්ෂේත‍්‍රයකටම තදින්ම බලපාලා තියෙනවා.

චීනය කොයිබටද?
චීනය ආර්ථික අර්බුදයකටයි, ඒ පිටුපස තියෙන දේශපාලන අර්බුදයකටයි, කලාපීය යුද-දේශපාලනික අර්බුදයකටයි මැදිවෙලා ඉන්නෙ. මේකෙන් මූලික වෙන්නෙ ආර්ථික ක්ෂේත‍්‍රය.

චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය මේ ගැටලූවලට විසඳුම් සොයන්න ඉදිරිපත් වෙන්නෙ ධනේශ්වර වෙළෙඳපොළ ආර්ථික ක‍්‍රමයම පදනම් කරගෙනයි.

ඒ විසඳුම් සැබෑ විසඳුමක් වෙයිද? එහෙමත් නැත්නම් තව තවත් අර්බුදයන්ම කැඳවා ගනියිද කියන කාරණය දැක ගන්න වැඩි කාලයක් ගත වෙන එකක් නැ