ගෙඹි පැනිලි කරළියට – රාජිතගෙන් ඉඟි 

rajitha-senarathne

පළාත් පාලන මැතිවරණය ආසන්න වෙත්ම මුදල්, ඇමති ධුර ඇතුළු වරප්‍රසාද වෙනුවෙන් පිල් මාරු කිරීම් කරළිගත වීම ආරම්භ වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට හිතවත්ව කටයුතු කරන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස්‌ දෙනකු පමණ රජයට එක්‌වීමට කැමැත්ත පළකර ඇති බව කැබිනට්‌ ප්‍රකාශක රාජිත සේනාරත්න ජනවාරි 07වැනිදා “දිවයින” පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් මූලිකව කටයුතු කළ මන්ත්‍රීවරුන් ගණනාවක් ඒ අතර සිටින බව ඔහු තව දුරටත් පවසා තිබේ. මෙම මන්ත්‍රී කණ්‌ඩායම ආණ්ඩුවට එක්‌කර ගැනීම සහ එක්‌වීමෙන් පසු ඔවුන්ට ලබාදෙන තනතුරු සම්බන්ධව මේ වන විට සාකච්ඡා වට කිහිපයක්‌ පවත්වා තිබෙන බවද ඔහු අනාවරණය කර ඇති නිසා මේ පිල් මාරු ප්‍රතිපත්තිමය හේතු මත නොව වරප්‍රසාද මත බව පෙනී යයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ජනාධිපති මෛත්‍රී සමග එක්වීම සම්බන්ධයෙන්ද කටකතා පැතිර යමින් තිබේ.

ප්‍රසන්න ජයවීර