පක්ෂය පාලනය කර ගන්න ජනාධිපතිතුමාට බැරි වුණා – නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ

nishantha sri

බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත් කොට සිටි නිශාන්ත වර්ණසිංහගේ වැය ශීර්ෂය පරාජය වීමත් ඉන්පසුව මහඇමැති ඉසුර දේවප‍්‍රිය විසින් එම අමාත්‍යාංශය පවරා ගැනීමත් දේශපාලන සිදුවීමක් ලෙස අමතක වෙමින් තිබේ. එහෙත් එහි සලකුණු වන බල දේශපාලන ක‍්‍රියාවලිය රටේ දේශපාලන පොරපිටිය හඳුනා ගැනීමට ප‍්‍රයෝජනවත්ය. ජාතික හෙළ උරුමය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් පළාත් සභා මන්ත‍්‍රීවරයකු වූ නිශාන්ත වර්ණසිංහ මෙවර අප සංවාදයට තෝරාගත්තේ ඒ නිසාය.

x              බස්නාහිර පළාත් සභාවට ඔබ විසින් ඉදිරිපත් කළ සෞඛ්‍ය වැය ශීර්ෂය පසුගියදා පරාජය වුණා. අද වෙනකොට තිබෙන තත්වය මොකක්ද?

බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛi, පරිවාස හා ළමාරක්ෂක, සමාජ සුභසාධන, කාන්තා කටයුතු හා සභා කටයුතු පිළිබඳ ඇමැති ලෙස මම වැඩ භාරගත්තේ සැප්තැම්බර් 14 වැනිදා. දැන් මාස 3ක කාලයක් ගෙවී තියෙනවා. මේ කාලය තුළ මම යහපාලන ප‍්‍රතිපත්ති අනුව මගේ වගකීම ඉටු කරන්න බැලූවෙ. නමුත් බස්නාහිර පළාත් සභාව තුළ තිබෙන්නෙ ඊට වඩා වෙනස් තත්වයක්. සියලූම මන්තී‍්‍රවරුන්ගෙ තත්වය එහෙම නොවුණත් අතළොස්සකගේ තත්වය මේක.

මගේ වැය ශිර්ෂය ඉදිරිපත් කරන්න පෙර, මන්තී‍්‍ර කණ්ඩායමේ සමහරු ඉතාම අසාධාරණ ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළා. රැුකියාදීම, ප‍්‍රතිපාදන වෙන්කිරීම වගේ දේවල් සම්බන්ධයෙන්. ඒවට මම එකඟ වුණෙ නැහැ. මොකද අපිට ප‍්‍රතිපත්තියක්, දේශපාලන වටිනාකම් තියෙනවා. ඒ ගැන හිතද්දි මට එකඟ වෙන්න බෑ. පළාත් සභාව තුළ හුරුවෙච්ච තියෙන සංස්කෘතියට මම එකඟ වුණේ නැහැ. මම උත්සාහ කළේ මෙතෙක් නොතිබුණු නව සංස්කෘතියක් ඔස්සේ කටයුතු කිරීමට, ඒකේ ප‍්‍රතිඵලයක් විධියට තමයි මේ වැය ශිර්ෂය පරාජය වුණේ.

x              මහ ඇමැතිවරයත් ඔබගේ වැය ශිර්ෂය පරාජය කරන්න සහාය දුන්නද?

ඒක පැහැදිලියිනේ. පළාත් සභා පනතේ 154/ෑ 6 වැනි උපවගන්තියේ තියෙනවා ‘මහ ඇමැතිවරයා සහ ඇමැතිවරුන් සාමූහික වගකීමකට බැඳීසිටින්නේය’ කියලා. ඒ වගකීම ඔහු කඩකළා. ඒ අවස්ථාවේදී එතුමා සභාවේ නොසිටීමෙන් දෙන සඥාවක් තියෙනවා. ඔහු කිව්වා සීනුව නාද කරනවා ඇහුණේ නැහැ කියලා. ඔහු දන්නවා දෙසැම්බර් 22 උදේ 10.00ට මේ වැය ශිර්ෂය පිළිබඳ ඡුන්ද විමසීම තියෙනවා කියලා. ඡුන්දය විමසීමට මොහොතකට කලින් එළියට යන්නේ මෙය පරාජය කිරීම සඳහා ඍජුව හෝ වක‍්‍රව සහාය දීමට.

x              වත්මන් මහ ඇමැතිවරයාව පත් කළේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින්. ඔබත් ජනාධිපතිවරයා බලයට ගෙනඒමට කටයුතු කළ කෙනෙක්. එතකොට පරස්පරයක් ඇති වුණේ කොහොමද?

මගේ නිරීක්ෂණය අනුව ජනාධිපතිතුමා ශී‍්‍රලනිපය හීලෑ කරගන්න උත්සාහ කරනවා. නමුත් ඒක කරගන්න බැරිවෙලා තියෙනවා. එතුමාගෙන් තනතුරු අරගන්න අය ඔහු වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ. මහින්ද පිලේම ඉන්නවා. ඉසුර දේවපි‍්‍රයටත් වුණේ ඒක. මටත් ඇමැතිකම අවශ්‍යනම් ඒ විදියට වෙනස් වෙන්න තිබුණා. මම ඒකට සූදානම් නොවීම නිසා තමයි ඔවුන් කුමන්ත‍්‍රණකාරී ලෙස මගේ වැය ශීර්ෂය පරාජය කිරීමට සාහසික වෙන්නේ.

x              ඔබගේ වැයශීර්ෂය පරාජය කරන්නත් කුමන්ත‍්‍රණ සිදු වුණා නම් දැන් යහපත් වෙනස්කම් අවම වෙමින් යන තත්වයක් නේද තියෙන්නේ?

අපි අසුභවාදී විය යුතු නැහැ. ඒ කුමන්ත‍්‍රණයට යට වුණා නම් තමයි ප‍්‍රශ්නේ තියෙන්නේ. රටට පණිවිඩයක් දීලා තියෙනවා. මේ රට යහපාලන පැත්තට හරවන්න තනතුරු තානාන්තර අත්හරින්න උනත් සුදානම් කියලා.

x              නමුත් රාජපක්ෂ පාලනය සමස්තයක් ලෙස පරාජය කිරීමේ අරමුණ ඉටුවුණොත් නේද ජයග‍්‍රහණයක් වෙන්නේ? තවමත් ඒක බලවත්…..

රාජපක්ෂ හදපු රෙජීම් එකක් තියෙනවා. ඒ රෙජීම් එක තවමත් උඩ සිට පහළට  කි‍්‍රයාත්මකයි. ජනාධිපතිවරණය, මහ මැතිවරණය ජය ගත්තා දැන් පළාත් සභා හා පළාත් පාලන ආයතනත් ජය ගන්න  ඕන.

x              පළාත් පාලන මැතිවරණය කල් දැමීම නිවේදනය කළා. ඒකත් පරාජය පිළිබඳ සංඥාවක් නේද?

එක කල්දාන්න බෑ. ඒක කඩිනමින් පවත්වන්න  ඕන. නමුත් පරණ තිබුණු ක‍්‍රමයටම මැතිවරණය තියන්න නෙවෙයි අපි බලාපොරොත්තු වුණේ. මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කරන්න. ඒකට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණා. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා වටා අපි පරාජය කළ කොටස්් දැන් රොද බඳිමින් ඉන්නවා. මේක නීරීක්ෂණයෙන් බලද්දි පේනවා ඒ එකතු වෙමින් ඉන්න අයගේ වුවමනාවට අනුව යන බව. ඒකට යටවුණොත් පක්ෂ දෙක අතර තියෙන බෙදීම වැඩිවෙනවා. අපි මේ දෙක අතර තිබුණු බෙදීම තුනීකරලා තිබුණා. ආපහු මේ දෙක අතර බෙදීම නිර්මාණය වෙමින් තියෙනවා. මේ පක්ෂ දෙකේම නායකයන්ගේ ප‍්‍රකාශ සහ කි‍්‍රයාකාරකම්වලින් ඒක පැහැදිලි වෙනවා.

x              ඒ වගේම පළාත් පාලන මැතිවරණය කල් දමන්න වෙනවා කියෙන්නේ පරාජයක් නේද?

ඒකට බියවිය යුතු නැහැ. ඒක පසුගිය මැතිවරණවලට අනුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු ගොඩනාගාගත් සන්ධානයෙන් තමයි කෙළවර වෙන්නේ. දැන් ජනමතය හා ප‍්‍රවණතාවය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණයේ දිශාවට. ඒක වළක්වන්න බැහැ.

x              ඇයි එහෙම නම් ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ?

අගමැතිතුමා කියනවා අපේ‍්‍රල්වල මැතිවරණය තියන්න  ඕන කියලා. නමුත් ජනාධිපතිතුමා කියනවා නෑ මාස 6කට කල්දානවා කියලා. ශී‍්‍රලනිපය පැරදුණොත් ඒකේ වගකීම එන්නේ ජනාධිපතිතුමාට, අනිත් පැත්තෙන් මේ මැතිවරණයත් එක්ක පක්ෂය නැවත බෙදීමක් ඇතිවෙන වගේ තත්වයකුත් තියෙනවා. විමල්, වාසු, ගම්මන්පිල වැනි අය උත්සාහ කරනවා වෙනම විපක්ෂ සන්ධානයක් හදන්න. එවැනි එකකින් ශී‍්‍රලනිපය දුර්වල වුණොත් ඒකේ වාසිය ලැබෙන්නේ අවසානයේදී එජාපයට ඒ නිසා ජනාධිපතිතුමා පක්ෂය අර්බුදයට යන එක වළක්වා ගැනීම සඳහා කි‍්‍රයාමාර්ග තීන්දු තීරණ ගනිමින් ඉන්නවා. ඒ නිසා ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මත ගැටුමක් නිර්මාණය වෙමින් තියෙන බව  ඕන කෙනෙකුට පේනවා.

x              මැතිවරණය කල් දැම්මේ ශී‍්‍රලනිපයට පරාජයක් හිමිවෙයි කියලද?

මගේ අදහස පක්ෂයේ පාලනය සම්පුර්ණයෙන් එතුමාට ගන්න බැරිවෙච්ච තත්වයක් තියෙනවා.

x              නමුත් ඒ නිසා මැතිවරණ කල්දැමීම ඔබලා කියන යහපාලන සංකල්පයට විරුද්ධයි නේද?

මැතිවරණ නිසා පක්ෂ අතර බෙදීම වැඩිවෙනවානේ. පාර්ලිමේන්තුව ඇතුළේ මේක තුනීකර ගත්තත් බිම් මට්ටමේන් පැරදුණොත් තව අවුරුදු

10 – 15කට හදාගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් බරපතළ තත්වයක්. යටම තත්වයකට වැටෙන්න පුළුවන්. ශී‍්‍රලනිපය දෙලොවක් අතර ඉන්නේ.

x              තමන්ට වාසි වෙලාවට මැතිවරණ කැඳවීමත් අවාසිදායක වෙලාවට කල්දැමීමත් රාජපක්ෂ පාලනයට තිබුණ විවේචනයක්. දැනුත්් ඒකම වෙනවා නම් ඡුන්දය දෙන ජනතාවට කරන විශාල අසාධාරණයක්  නේද?

මෙතනදි බල සමතුලිතතාවක් පවත්වා ගැනීමත් අවශ්‍යයි. ඒ ඇතුළේම තමයි ඔය කියන සම්මුතිවාදී දේශපාලනය පවත්වාගෙන යන්න වෙන්නේ. එක පැත්තක් බලවත් වුණොත්  ඒ බලය තමයි කි‍්‍රයාත්මක වෙන්න පටන් ගන්නේ. ඒක ජනාධිපතිතුමාත් බලාපොරොත්තු වෙනවා. ඒක විධායකයෙන් විතරක් නෙවෙයි මහජන පදනමක් තියෙන්නත්  ඕන. ඒක දියවෙලා ගියොත් ඔහු නාමමාත‍්‍රික ජනාධිපතිවරයෙක් බවට පත්වෙනවා. අගමැතිවරයා රටේ නායකයා බවට පත්වෙන්න පුළුවන්. ඒක දේශපාලනය කරන  ඕන කෙනකුට තේරෙනවා. පක්ෂය හේදීයන්න නොදී ජයග‍්‍රාහී තැනක නතර කර ගැනීමේ උවමනාව තියෙනවා. ඒ තුළින් තමයි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර බල සමතුලිතතාව ඇති කර ගන්න පුළුවන් වෙන්නේ. මේක දේශපාලන සමීකරණයේ ඉතාම සංකීර්ණ තත්වයක්. ඉදිරි වසර 4 ඉදිරියට යන්න යම් බලයක් තියෙන්න  ඕන. ඒක විධායකයෙන් තිබිලා මදි. චන්ද්‍රිකා මැතිණිය විධායකයේ ඉඳිද්දි එජාපයට බලය ගියා. ඇය නාමික ජනාධිපතිනිය තත්වයට පත්වුණා. මේකෙන් යහපාලනයටත් අවදානමක් තියෙනවා. පක්ෂ දෙක අතර බෙදීමක් ඇතිවෙන්න පුළුවන් එජාපයට විශාල ප‍්‍රශ්නයක් තියෙනවා.

x              යහපාලන දේශපාලනය වෙනුවෙන් කි‍්‍රයාත්මකවුණු ඔබට ඇමැති ධුරය අහිමි වීමෙන් වුණේ පරාජයක්. ඒක යහපාලනයේ පරාජිත සලකුණක් නේද?

මම ලැබුවෙ පෞද්ගලික පරාජයක් නෙවෙයි. ජනවාරි 8 ලබාගත්ත ජයග‍්‍රහණයට එල්ලවුණ අතුල් පහරක්. ජනාධිපතිතුමාගෙ නායකත්වය වෙනුවෙන් දායක වෙච්ච දේශපාලන චරිතයක් තමයි මේ වැය ශිර්ෂයෙන් පරාජය කරලා තියෙන්නේ. ඒක එතුමාගේ පැත්තෙනුත් ඒක පරාජයක්. බලය සම්බන්ධ උච්ඡුාවචනයක් තමයි තියෙන්නේ. තව මාස කිහිපයකින් සම්පුර්ණයෙන් වෙනස් තත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ජනාධිපතිතුමා අනුගමනය කරන දේශපාලන උපාය උපක‍්‍රම ඔස්සේත් මේක තීව‍්‍ර වෙන්න පුළුවන්. මේක දේශපාලනයේ තියෙන චෙස් කී‍්‍රඩාවක්.

සංවාද සටහන – චන්දන සිරිමල්වත්ත

ජනරළ ඇසුරෙන්