ලලිත් කුහන් පිළිබඳ සත්‍යය හෙළි කරනු! – පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

lalith kuhan

2011 දෙසැම්බර් 10දින යාපනයේදී පැහැරගත් ලලිත් කුමාර් වීරරාජු සහ කුහන් මුරුගානන්දන් යන දෙදෙනා ඝාතනයට ලක්වුවන් ලෙස පසුගිය ආණ්ඩුවේ
ඇමැතිවරයෙකු වූ මහින්දානන්ද අලුත්ගමගේ ජනවාරි 02 වැනිදා සිරස රූපවාහිනියේ ”සටන” වැඩසටහනේදී ප‍්‍රකාශ කළේය. ඒ අනුව ඔහු එම පැහැරගැනීම සහ අතුරුදන් කිරීම පිළිබඳ තොරතුරු දැන සිටින බව පැහැදිලිය.

එබැවින් ඔහුගේ ප‍්‍රකාශය පිළිබඳ විමර්ශනයක් ඉල්ලා ජනවාරි 5වන දින පෙරවරු 10ට පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ලලිත්
කුමාර්ගේ පියා ඇතුළු පිරිසක් සහභාගී විය.

පහතදැක්වෙන්නේ එම අවස්ථාවට අදාළ ඡායාරූප කිහිපයකි.

DSC_506 DSC_5066