පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින අතර ජනවාරි 5 වැනිදාට ඔහු අත්අඩංගුවට ගෙන මාස දෙකක් සම්පූර්ණ විය. තවමත් ආණ්ඩුව ඔහුගේ ලාංකීය පුරවැසිභාවය පිලිබඳ නිල ස්ථාවරය ප්‍රකාශයට පත්කර නැත. මේ අතර කුමාර් ගුණරත්නම්ට එරෙහි නඩුව ජනවාරි 8 වැනිදා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වීමට නියමිතය. කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතීන් සහ පුරවැසි අයිතීන් වෙනුවෙන් කොටුව දුම්රියපල ඉදිරියේ අඛණ්ඩ උද්ඝෝෂණයක් පවත්වාගෙන යයි. එම අඛණඩ උපවාසයට අමතරව ඊයේ (07) රට පුරා දිස්ත්‍රික් කිහිපයක තවත් නගර කිහිපයක එක් දින උද්ඝෝෂණ පැවැත්විණි. පහත ඇත්තේ මහනුවර, පානදුර, ගාල්ල හා අනුරාධපුර නගරයන්හි පැවැත්වුණු එක්දින උද්ඝෝෂණයේ අවස්ථාවන්ය.
මහනුවර


ගාල්ල


අනුරාධපුරය


පානදුර

වැල්ලවාය


