නීතිපති තනතුර සඳහා, නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කොට මේ වනවිට විශ්‍රාම ගොස් සිටින පුද්ගලයෙකු පත්කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
වත්මන් නීතිපතිවරයා ලෙස කටයුතු කරන යුවන්ජන් විජේතිලක ජනවාරි 08 වැනි දින විශ්‍රාම ගිය අතර ඉන්පසු අදාල විශ්‍රාමික නිළධාරියා නීතිපති තනතුරට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටී.
නීතිපති දෙපාර්තමේන්තුවට තුළ සුදුසුකම් සහිත නිලධාරීන් සිටියදී විශ්‍රාමිකයෙකු නැවත කැඳවන්නේ දේශපාලන හේතු මතයයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී නීතිපති තනතුර හිතවතුන්ට ලබා දීම හරහා නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලන බලපෑමට යටත් කිරීම වත්මන් ආණ්ඩුවේ නායකයන් එකල බරපතල ලෙස විවේචනය කළ අතර දැන් ඔවුන්ද එම පාරේම ගමන් ගන්නා බවට දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල චෝදනා කරයි.
වජිර තෙන්නකෝන්