බැසිල් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි

besil

පසුගිය රාජපක්ෂ පාලන සමයේ දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා වංචා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ  අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුනි.

අද දින හිටපු ඇමැතිවරයා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ  කොට්ඨාසය වෙත කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර තහවුරු කර තිබුනි.

පසුගිය වසරේ රාජපක්ෂ පාලනයේ අවසන් දිනය වූ ජනවාරි මස 09 වැනි දිනම බැසිල් රාජපක්ෂ අමෙරිකාව ලබා පිටත්ව ගියේය. ඉන්පසුව මාස කිහිපයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නිවාඩු ලබාගෙන පසුව නැවත මහ මැතිවරණය ආසන්නයේදී ලංකාවට පැමිණියේය.

ඉන් පසුව ඔහුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය  විසින්  විමර්ශනයට කැදවා තිබේ.