2015දී ස්ත්‍රී අතවර 1854ක් – 80%ක්ම කුඩා දැරියන් 

rape case

2015 වසර තුළ පොලීසියට වාර්තා වී ඇති ස්ත්‍රී ලිංගික අතවර පැමිණිලි 1854න් 1501ක් හෙවත් 80%ක්ම වයස අවුරුදු 16ට අඩු දැරිවියන් ලිංගික අපයෝජනයට ලක්වීම් බව ‍පොලීසිය අනාවරණය කරයි.

මෙය 2014 වසරේදී වාර්තා වූ පැමිණිලි ගණන වන 2008ට වඩා සුළු අඩුවීමකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර ‍පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර පවසන්නේ එසේ ලිංගික අපයෝජනයට ලක් වූ දැරිවියන් 1501 දෙනාගෙන් 1209 දෙනෙක්ම එම තත්ත්වයට පත්ව ඇත්තේ සිය කැමැත්තෙන් බවද පොලීසිය පවසයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 1995 සංශෝධනයට අනුව වයස අවුරුදු 16ට අඩු දැරිවියක් සිය කැමැත්තෙන් පිරිමියෙක් සමග ලිංගිකව එක්වූවත් එය සැලකෙන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙස බවද එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සිය කැමැත්තෙන් බොහෝ විට එම තත්ත්වයට දැරිවියන් පත්වන්නේ පෙම්වතුන් අතින් බවත් දැරිවිය මෙන්ම පෙම්වතාද පාසල් යන අය බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

හර්ෂනී රාජකරුණා