රත්නපුර දිස්ත්‍රික්කයේ, බලන්ගොඩ, වැලිගෙපොල, ඉලුක්කුඹුර ලුනුගල්ගෙය තුළින් පසුගිය සති අන්තයේ සොයාගත් පිළිස්සුණු ධාන්‍ය වර්ග මීට වසර 6350කට පෙර විසූ මානවයින් ආහාරයට ගත් ඒවා බවට කාලනිර්ණ තොරතුරුවලින් හෙළිවී ඇතැයි කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රකාශ කරයි.
මෙම තොරතුරු හෙළිදරව් වුයේ වැලිගෙපොල ඉලුක්කුඹුර ප්‍රදේශයේ ලුණුගල්ගෙය අවට ඇති විවිධ තෘණ වර්ග පිළිබඳව පර්යේෂණයක ප්‍රතිපලයක් වශයෙනි. 2015 සැප්තැම්බර්, ඔක්තෝබර්වල කරන ලද කැනීම් වලදී හමුවූ එකල විසූ මානවයින් ආහාරයට ගත් පිළිස්සී ගිය ධාන්‍ය වර්ග වල කොටස් ඇමෙරිකාවේ ෆ්ලොරිඩා විද්‍යාගාරයට යවා කරන ලද පරීක්ෂනයකදී ඒවා වසර 6350කට පෙර භාවිත කළ ඒවා බව තහවුරු වී තිබේ.
ලංකාවේ මෙම ප්‍රාග් ඓතිහාසික මානවයින් දඩයමට අමතරව ධාන්‍ය වර්ග ආහාරයට ගෙන තිබෙන බවත් මෙම ධාන්‍ය වර්ග අතර ඌරු වී, අමු, කරම්, මාරුක් වර්ග, හමුවී තිබෙන බවත් වාර්තා වේ. මෙය මානව විද්‍යා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
මධුරි මුණසිංහ