කිර්ගිස්ථානය එරට නව ව්‍යවස්ථාවක් සදහා ජනමත විචාරණයක් ඊයේ පැවැත්වීය. එම ජනමත විචාරණයේ ප්‍රථිඵල මේ දක්වා නිකුත් කර නොමැති බව වාර්තාවේ.
ඊයේ පැවැති ජනමත විචාරණය විසින් දැනට ක්‍රියාත්මක වන ව්‍යවස්ථාව මූලික සංශෝධනයන් ගණනාවක් සිදුකිරීමට යෝජිත බව වාර්තාවේො. ඒ අතරින් ප්‍රධාන වශයෙන්ම එරට ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා සතු බල තල ගණනාවක් අගමැතිවරයාට පැවරෙන ලෙස නව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අරමුණ වී ඇත.
යෝජිත සංශෝධන වලට අනුව අගමැතිවරයාට ජනාධිපතිවරයාගේ අදහස් නොවිමසා කැබිනට් මණ්ඩල සාමාජිකයින් ඉවත් කිරීම හා පළාත්වල ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ බලයද මේ අනුව අගමැතිවරයාට හිමිවනු ඇති බවයි.
නම ලක්ෂ විසිදාහක් ඡන්දදායකයින් අතරින් 78 %ක් ජනමත විචාරණයේදී සිය ඡන්දය භාවිතා කර ඇතැයි වාර්තාවේ. එරට මධ්‍යම මැතිවරණ කොමිසම පවසා ඇත්තේ ඡන්ද ගණන්කිරීමේ කටයුතුවලින් මේ වන විට 95%ක් අවසන්ව ඇති බවයි.
මධ්‍යම ආසියානු පැරණි සෝවියට් සමූහාණ්ඩුවක් වන කිරිගිස්ථානයේ පැවති ව්‍යවස්ථාවට අනුව එරට ජනාධිපතිවරයාට බලතල රාශියක් පැවතිනි.