කැළණි සරසවි සිසුන්ට ඇප 

2016.5.6 Kelaniya university

පළමු වසර සිසුවියකට කලිසම වෙනුවට ගවුම අඳින ලෙස බල කළේයැයි චෝදනා ලබා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි කැලණිය සරසවි සිසු සිසුවියන් 8දෙනෙකුට ගම්පහ මහාධිකරණය ඊයේ ඇප ලබාදී තිබේ. මෙම සිද්ධියට අදාළ නඩුව විභාග කරන මහර මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර ඔවුන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා කළ ඉදිරිපත් වූ පෙත්සම් 3ක් ප්‍රතික්ෂේප කරන ලදී. කෙසේ වෙතත් අද මෝසමක් මාර්ගයෙන් ගම්පහ මහාධිකරණයට මේ පිළිබඳ කරුණු දැක්වීමෙන් පසු  ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට නියම කර ඇත. නවක වදය පිලිබඳ චෝදනාවලට පළමු වසර සිසුන්ද ලක්වීම මෙහි ඇති විශේෂතාවයකි.

Leave a Reply