ජනතා විරෝධතා හමුවේ කරදියාන කසල කදුගැසීම මහජන පීඩාවක් බව අද(28) දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පිළි ගෙන තිබේ.
පසුගියදා කොළඹ නගර සභාව කළ ඉල්ලීමකට අනුව අප්‍රේල් 17 සිට 28 වැනිදා තෙක් කසළ දැමීමට කැස්බෑව මහේස්ත්‍රාත්වරයා විසින් අවසරය ලබා දෙන ලදී. කෙසේවෙතත් කැස්බෑව ප්‍රදේශයේ ජනතාව දේශපාලන පක්ෂ නියෝජිතයන් හා බහුජන සංවිධාන ක්‍රියාකාරින් හා එක්ව කළ විරෝධතාවන් නිසා කොළඹ නගරසභාවේ කසළ දැමීමට අවහිර විය. කැස්බෑව අදිකරනයෙන් නියම කළ ටොන් 350 කසල ප්‍රමාණය ඉක්මවා එහි කසල දමන බවටද චෝදනා නැගිණී. මේ හා සමාන්තරව දොම්පේ, ජාඇල ප්‍රදේශවල ජනතාවද කොළම නාගරිකයේ කසල තම ප්‍රෙද්ශවල කදුගැසීම පිළිබද විරෝධතා දැක්වූහ. ඇතැම් විරෝධතාවන්ට පොලිස් ප්‍රහාර එල්ල විය. එසේම ජනතා විරෝධතා මැඩ පවත්වමින් කසල දමන බවට ආණ්ඩුවේ ඇමැතිවරු ප්‍රකාශ කරන ලදී.
මේ තාක් ජනතා විරෝධතා මෙන්ම අද දින කැස්බෑව අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝදතා දැක්වූ කරුනු සාධාරන බව පිළිගත් අද දින මහේස්ථ්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇත්තේ කසළ දැමීමේ කාලය 28වැනිදායින් අවසන් කළ යුතු බවයි.
අද දින කැස්බෑව අධිකරණය ඉදිරිපිට පැවති නිහඩ විරෝධත ඡායාරූපවලින් දැක්වේ.


