අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් වස දැමුණු පාසැල් යලි විවෘත කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව වසා දැමුණු බස්නාහිර පළාතේ සියලු පාසල්, සබරගමුව පළාතේ තාවකාලික කදවුරු ලෙස පවත්වාගෙන යන පාසැල් 15ක් හැර අනෙකුත් පාසැල්, දකුණු පළාතේ තාවකාලික කදවුරු ලෙස පවත්වාගෙන යන පාසැල් 10ක් සහ හානි සිදුවූ පාසැල් 26ක් හැර සියලු පාසැල් ලබන 5 වන දින ආරම්භ කිරීමට නියමිතය.
තාවකාලික කදවුරු ලෙස පවත්වාගෙන යන පාසැල් යලි විවෘත කිරීම සම්බන්ධ බලය කලාප අධාපන අධ්‍යක්ෂකවරුන් වෙත පැවරීමට තීරණය කර තිබේ.
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් හානියට පත් පාසැල් වල සිසුන් ආසන්න වෙනත් පාසල් වලට අනුයුක්ත කිරීමටද තීරණය කර ඇත.

