මෙම වසරේ ජනවාරි 31වන දින අභියාචානාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනලද පෙත්සම සලකා බැලීම ලබන 22 දින සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදි.
අද දින (01) මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, ප්‍රියන්ත ජයවර්ධන, උපාලි අබේරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.