රුසියානු දේශප්‍රේමීන් හැක්කරන්නට ඇති -ජනාධිපති පුටින්

පසුගිය එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී එරට ජනාධිපතිවරණයේදී විශේෂයෙන් හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ රහස් හා තවත් අයට අවාසිදායක ඊමේල් තෙරතුරු එළවීමෙන් එම ජනාධපිතවරණයේදී ඇයට බරපතල ගැටළුවකට මුහුණපාන්නට සිදුවූවාය. මෙම සිදූවම හේතු කොටගෙන එක්සත් ජනපදය ජනාධිපතිවරණයෙන් පසුව ඒ පිළිබදව වෙනම පරීක්ෂණයක් ආරම්භ කෙරිනි.

මෙම සිදුවීම පිළිබදව රුසියාවට කෙලින්ම දෝෂාරෝපණය එල්ලවූ අතර මේ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ රුසියානු රජය මෙවැනි ක්‍රියා සදහා කිසිදු අනුග්‍රහයක් නොදක්වන බවත් නමුත් රුසියානු දේශප්‍රේමී පුරවැසියන් මෙවැනි වැඩක් සිදු කිරීමට ඉඩ ඇති බවයි.

Leave a Reply