කොළොන්නාවට බොරතෙල් සපයන ඛනිජ තෙල් සංස්ථාවට අයත් ප්‍රධාන නළ මාර්ගයේ මුහුදේ පිහිටි බෝයාවේ තෙල් කාන්දුවක් සිදුවී ඇති බවට වාර්තා වේ.
මීගමුව, උස්වැටකෙයියාව සිට කිලෝමීටර් 9ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ පිහිටි බෝයාවේ මෙම තෙල් කාන්දුව හට ගෙන ඇති බවත් මෙම තත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන ලදි.