මැනිලා රිසෝට් වෙඩි තැබීමෙන් 34ක් මියයයි

පිලිපීනයේ ‘මැනිලා රිසෝට්‘ හොටෙල් සමූහයේ වෙඩි තැබීමකින් පුද්ගලයෝ 34 මියගොස් තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අවි ගත් තුවක්කු කරවකු විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් පසු මෙම මරණ සංඛ්‍යාව වාර්තාවී ඇත.

පිලිපීනය තුල වැඩි ජනප්‍රියතාවයක් ඇති ‘මැනිලා රිසෝට්‘ කැසිනෝ සංකීර්ණය තුලට ඊයේ මධ්‍යම රාත්‍රී ඇතුළුවී ඇති මෙම තුවක්කුකරු මුදල් මංකොල්ල කෑමේ අරමුණෙන් මෙම වෙඩි තැබීම කර ඇති බව එරට පොලිසිය පවසා ඇත. අද උදෑසන මැනිලා හොටෙල් කළමණාකරුවන් විසින් සිය හෝටලය තුල පුද්ගලයේ 34 දෙනෙකු වෙඩි ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති බව හෙළිකර ඇත. තුවාල ලබා සිටි පිරිස් එරට ආරක්ෂක අංශ මැදිහත්වී රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ.

සිද්ධියට සම්බන්ධ තුවක්කුකරුද එම ස්ථානයේදීම සිය සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  අවි ගත් තුවක්කු කරවකු විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් පසු මෙම මරණ සංඛ්‍යාව වාර්තාවී ඇත.

පිලිපීනයේ මෙම මැනිලා රිසෝට් හි කැසිනෝ ගැසීම සදහා ලොව පුරා විවිධ රටවල් පුද්ගලයෝ වැඩිපුර එක්රැස්වන ප්‍රකට ස්ථානයක් ලෙස වාර්තාවේ.

Leave a Reply