தமிழ்
English
Contact
Wednesday 20th September 2017    
පිලිපීන හමුදා භටයන් දසදෙනෙකු මියගොස් තවත් පිරිසකට තුවාල « Lanka Views | Views of the truth

පිලිපීන හමුදා භටයන් දසදෙනෙකු මියගොස් තවත් පිරිසකට තුවාල



පිලිපීන ගුවන් මුදාව සිදු කළ ප්‍රහාරයකින් පිලිපීන හමුදා භටයන් දසදෙනෙකු මියගොස් තවත් 8කට තුවාල ඇති බව වාර්තාවේ. මෙම අත්වැරදීම හේතුවෙන් සිය හමුදා භටයන්ගේ ජීවිතය අහිමිවූ බව එරට ආරක්ෂක ලේකම් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා පිලිපීන ජනාධිපති දුර්තේ සිය රුසියානු සංචාරය අතර තුරදීම එරට මින්දනාවෝ දූපතේ යුද නීතිය ප්‍රකාශයට පත් කළේය.එසේ යුද නීතිය පවනවා මින්දනාවෝ හි ක්‍රියාත්මක ඉස්ලාමීය සටන්කාමීන් මර්දනය කිරීමේ ප්‍රයත්නක මේ වන විට පිලිපීන ආරක්ෂක හමුදා යෙදී සිටී.

ඉස්ලාමීය සටන්කමී සංවිධානයේ නායකයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ ගැටුම් හේතුවෙන් එරට ආරක්ෂක අංශ හා මින්දානාවෝ දූපත්වාසී ජනතාව අතර ගැටුම් ඇතිවිය. මේ තත්වය පාලනය කිරීමේදී පිලිපීන වැසියන් 100 දෙනෙකුට වැඩි පිරිසක් මියගිය බව වාර්තාවේ.

 




Related News