නුවරඑලිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල මේ වන විට සංවර්ධන කටයුත්තක් සඳහා යැයි පවසමින් වෙනත් ස්ථානයකට ගෙන ගොස් තිබේ. වසර 123ක් පැරණි මෙම පෞරාණික වටිනාකමින් යුත් ගොඩනැගිල්ල මෙලෙස විකුණා දැමීමට එරෙහිව පසුගියදා එම ස්ථානය ඉදිරිපිට අදාළ තැපැල් කාර්යාලයේ සේවකයින් සහ ප්‍රදේශවාසීන් එක්වී විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණි. එමෙන්ම මෙම තත්වය සම්බන්දව තැපැල් වෘත්තීය සමිති පෙරමුණද දැඩි විරෝධය පසුගියදා ප්‍රකාශ කරන ලදි.
කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් පළකරමින් අමාත්‍ය නවීන් දිසානයක ප්‍රකාශ කරන ලද්දේ මෙම තැපැල් ගොඩනැගිල්ල පිහිටි යාබද ඉඩමේ ඉන්දියානු සමාගමක් විසින් හෝටලයක් සඳහා ඉදිකිරීම් කටයුත්තක් සිදු කරන බැවින් මෙම ස්ථානයෙන් තැපැල් කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙන යෑමට සිදු වන බවය.
යාබද ඉඩමක ඉදිකිරීමක් හේතුවෙන් මෙම ගොඩනැගිල්ලෙන් ඉවත්වීම පදම්නම් විරහිත ක්‍රියාවක් වන අතර මෙම ගොඩනැගිල්ල මේ වන විටත් අදාළ සමාගමට විකිනීමට තීරණය වී ඇති බව නොරහසකි. ඉදිරියේදී තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මෙවැනිම ඉපැරණි ගොඩනැගිලි කිහිපයක්ම පෞද්ගලික හෝටල් සඳහා විකුණා දැමීමට නියමිත වී ඇත.

