පසුගිය මාර්තු මස 13 වැනිදා ඉන්දියාවේ හර්යානා ප්රාන්තයේ සුසුකි මරුති කම්හලේ 13 දෙනකු ජිවිතාන්තය දක්වා සිරගත කිරීම ඇතුළු කම්කරු මර්දනයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ සම්මන්ත්රණයක් ඊයේ(08) කොළඹ ජාතික පුස්තකාල හා ප්රලේඛන මණ්ඩල ශාලාවේදී පැවැත්විණි.
එම සම්මන්ත්රණයේදී පහත සංවිධාන නියෝජිතයන් විසින් කථිකයන් ලෙස අදහස් දක්වන ලදී.
පුබුදු ජයගොඩ – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

ලීනස් ජයතිලක – එක්සත් කම්කරු සම්මේලනය සහ වමේ හඩ සංවිධානය
ශ්රීනාත් පෙරේරා – එක්සත් සමාජවාදී පක්ෂය
කේ. සෙන්දිවෙල් – නව ප්රජාතන්ත්රවාදී පක්ෂය
සරණපාල ජයසූරිය – සමාජවාදී පක්ෂය
විදර්ශන කන්නංගර – ප්රැක්සිස් සාමුහිකය
දිනුක සපුතන්ත්රී – ශ්රී ලංකා පෙරටුගාමී පක්ෂය