ඉරානය තම න්‍යෂ්ඨික විද්‍යාඥයකු එල්ලා මරයි

IRAN.WEB

ඉරාන න්‍යෂ්ඨික රහස් ඇමෙරිකාවට හෙළිකළ බවට චෝදනා ලත් ඉරාන න්‍යෂ්ඨික විද්‍යාඥයකු එල්ලා මර දමා ඇතැයි විදෙස් මාධය වාර්තා කරයි.

සහරාම් අමීර් නැමැති 37 වියැති මෙම විද්‍යාඥයා ඉරාන න්‍යෂ්ඨික වැඩසටහන්වලට සම්බන්ධව කටයුතු කළ අයෙකිග 2009 වසරේ ජුනි මස මක්කම හජ්ජි වන්දනාවේ ගිය අවස්ථාවක මොහුව පැහැර ගැනීමකට ලක්ව ඇත. ඉන් වසරකට පසුව 2010 ජුනි මස ඇමෙරිකාවේ සිට වීඩියෝ මාර්ගයෙන් තම රටට ඔහු සිටින බවත් පවසන අතර එහිදී ඔහු පවසන්නේ තමාව සී.අයි.ඒ. නියෝජිතයින් විසින් පැහැරගෙන ගොස් සගවා තබාගෙන පසුව අමෙරිකාවට ගෙන ගොස් තිබෙන බවයි.

පසුව 2010 වසරේ ඉරනයට පැමිනෙ සහරාම් අමීර් එරට නිළධාරීන හා පවුලේ අය විසින් පිළිගනු ලබනවාග ඉන් වසරකට පමණ පසුව ඉරාන බලධාරීන් විසින් එරට න්‍යෂ්ඨික රහස් පිට කිරීමේ චෝදනවා යටතේ සහරාම් අමීර්ව අත්අඩංගුවට ගනී.

ඉන් පසුව ඔහුව රඳවාගෙන ප්‍රහ්න කරනු ලබයිග පසුව ඔහුගේ පවුළේ ඥානීත් පවසන්නේ ඉරන බලධාරීන් විසින් ඔහුව එල්ලා මරා දමා ඇති බවත් පසුව ඔහුගේ සිරුර තමන්ට භාරදුන් බවයි.