ලංකාවේ ‘මෝඩ ආර්ථික ප්‍රතිපත්ති‘ ගැන ජනාධිපති, මුදල් ඇමති ඉදිරියේ විවේචනයක්!

Prof rashin sally

ලංකාවේ ආණඩුව හා මහබැංකුව ගෙනයන ප්‍රතිපත්ති නිසා අර්ථික පිරිහෙමින් පවතින බව සිංගප්පූරු ආර්ථික විශේෂඥයකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මුදල් ඇමති රවී කරුණානයක ඇතුළු පිරිසක් සහභාගි වූ සමුලුවකදී පවසයි.

 ‘ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සභාපති සහ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රසීන් සලේ විසින් මෙම නිර්දය විවේචනය ඉදිරිපත් කළේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවති ශ‍්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක උළෙල අමතමිනි.

ලංකාවේ ආර්ථිකය සම්බන්ධ අදහස් දක්වමින්, මිල පාලනය විෂයෙහි දැඩි වියවුලක් පවතින බවත්, එය 1977න් පසු ඇතිවුණු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හා සමාන්තරව ආර්ථික දේහය පුරා පැතිරී ඇති බවත් මහාචාර්යවරයා විසින් විග්‍රහ කර පෙන්වන ලදී. මෙවැනි තත්වයන් තුළ ගොඩනගන අයවැය පවා  දුර්වල අයවැයක් බවට පත්වන අතර එය මහා බැංකුවේ ආර්ථික ප්‍රතිපත්තිවලට පවා දරුණු ලෙස බලපාන බව අවධාරණය කළේ ය.

ලංකාවේ මහා බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ පිළිබඳව මනා  අවබෝධයක් ඇති අයකු බව තමා දන්නා බව පැවසූ මහාචාර්ය රසීන් සලේ මහා බැංකුවේ කාර්යභාරය ආර්ථික ස්ථාවරභාවයකට මඟ පෙන්වීම බවත් විවෘතවම ප්‍රකාශ කළේ , මහා බැංකු අධිපතිවරයා ඔහු අසල වාඩිවී සිටියදීම ය.