වසර 2014 දි එරට ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්ව සිටි පාලකයින් නෙරපා තායිලන්ත හමුදාව බලය ලබා ගනී. ඉන් පසුව මාස කිහිපයක් හදිසි නීතිය යොදා ගනිමින් හමුදා පාලකයක් ගෙනයයි. පසුව එරට හමුදා පාලකයින් විසින් තාවකාලිකව පත්කරන ලද අන්තර් වාර පාලනය මගින් මේ වන විට තායිලන්තය පාලනය වේ.
මේ දක්වා එරට ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාව පසුගිය හමුදා පාලනය වසින් අත්හිටුවූ අතර දැන් එම ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කර එය අනුමැතිය සඳහා ජනතාව හමුවට ඉදිරිපත් කර ඇත. නමුත් අද දින පවත්වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන ජනමත විචාරණයට එරට ප්‍රධාන දේශපාලන පක්ෂ සහාය නොදක්වයි.
හමුදා ජුන්ටාව විසින් නම් කරන ලද කමිටුවක් විසින් සකස් කරන ලද නව කෙටුම්පත් ව්‍යවස්ථාව මෙම ජනමත විචාරණයට ගෙන ඇති බව වාර්තාවේ. කෙසේ වෙතත් මෙම ජනමත විචාරණයට එරෙහිව එරට මානව හිමිකම් සංවිධාන හා බහුජන සංවිධාන ගණනාවක් විරෝධය පළකර ඇත.
නව ව්‍යවස්ථා සංශෝධනය මගින් එරට අංගවිකල ප්‍රජාතනත්‍රවාදී ව්‍යවස්ථාවක් බිහිවෙන බව එරට විපක්ෂ ක්‍රියාකාරීන් විසින් පෙන්වා දෙයි. එහි ප්‍රතිඵලය වූයේ ජනමත විචාරණයට එරෙහිව මත පළකළ අයව අත්අඩංගුවටගෙන රඳවා තබා ගැනීමට එරට හමුදා පාලකයන් මේ වන විට කටයුතු කර ඇත.
මෙම ජනමත විචාරණයට විරෝධය පළකරන බොහො පිරිස් පවසා ඇත්තේ එරට ජනතාවට මෙම ජනමත විමසුමට ලක්කරනු ලබන ව්‍යවස්ථා කරුණු පිළිබදව නිසි වැටහීමක් නොමැති බවයි. මෙම නව ව්‍යවස්ථාව මගින් එරටට ප්‍රජාතන්ත්‍රවාදය දෙන බව පවසන බාරකාර ආණ්ඩුව හා එයට සහාය ලබා දෙන හමුදා නායකත්වය පැවසුවත් මෙම නව ව්‍යවස්ථාව මගින් කෙරන්නේ හමුදා පාලනය තවදුරටත් ව්‍යවස්ථානුකූල කිරීමක් බවයි විපක්ෂ ක්‍රියාකාරීන් පසවන්නේ.
ඉහළ හමුදා නිළධාරීන් විශාල පිරිසකට එරට සෙනෙට් මණ්ඩලයට පිවීසීමට හැකි වන ලෙස මෙම නව ව්‍යවස්ථාව අනුව ඉඩකඩ සැලසෙන බවත් පැවසේ. මෙය එරට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන බරපතල අභියෝගයක් ලෙස මෙම ජනමත විචාරණයට එරෙහි පිරිස් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද දින පැවැත්වෙන නව ව්‍යවස්ථාව සඳහාවන ජනමත විචාරණයට එරෙහිවූ විශාල පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන එරට බන්ධනාගාරවල රඳවා ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මෙම ජනමත විචාරණය එරට ප්‍රධාන පක්ෂ විසින් ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තාවේ.
අද දින පවත්වන ජනමත විචාරණය සදහා දෙලක්ෂයකට අධික පොලිස් නිළධාරීන පිරිසක්ද යොදවා ඇත. තායිලන්තය යනු දීර්ඝ කාලයක් හමුදා පාලනයක් පැවැති රටකි.
පසුගිය දශකයේ අවස්ථා කිහිපයකම එරට ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණි ආණ්ඩුවලට සිය කටයුතු කරගෙන යෑමට අවස්ථාව හිමි වුනත් 2014 වරේ එරට පැවැති දේශපාලන අර්බූදය හේතුකොටගෙන නැවතත් එරට හමුදා පාලනයට නතුවිය.
බෙහෝවිට මෙම ජනමතවිචාරණය මගින් එරට නව ව්‍යවස්ථාව අනුමත වනු ඇත. එසේ වුවහොත් එය විසින් එරට හමුදාවට තායිලන්ත දේශපාලනයට කෙරෙන බලපෑම තවත් තහවුරු කරගැනීමක් වනු ඇත.