අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීය ගැටලු සඳහා විසදුම් ලබාදෙන ලෙස බලකරමින් ගෙනයන අරගලයට ශිෂ්‍ය ව්‍යාපාරයේ සහයෝගය ලබා දෙන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.
ඉග්ගීම් ලබාදීම වෙනුවට සේවයට වාර්තා නොකරන අනධ්‍යයන සේවකයන් සේවය හැර ගියා සේ සලකන බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව චක්‍ර ලේඛනයක් නිකුත් කිරීම සම්බන්ධව විශේෂ ප්‍රකාහයක් කරමින් අ.වි.ශි.බ.ම. කැදවුම්කරු ළහිරු වීරසේකර ප්‍රකාශ කරන්නේ සේවක ගැටලුවලට විසදුම් දීම වෙනුවට මර්දනය ගෙන එන්නේ නම් ශිෂ්‍ය ව්‍යාපාරය නිහඩව නොසිටින බවයි. මෙම තත්වයට එරෙහිව විශ්ව විද්‍යාල ගණනාවක අනධ්‍යයන කාර්යය මණ්ඩලය සහ ශිෂ්‍යෙයා් ඊයේ (05) උද්ඝෝෂණවල නිරත වූහ.
සභාපතිවරයා හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලබා දුන් ලිඛිත පොරොන්දුව කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවත් රජය උත්සහ කරන්නේ තමන්ගේ ගැටලු මග හරවා සේවකයන්ගෙන් වැඩ ගැනීමට යැයි විරෝධතායට එක් වෙමින් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ ජනමාධ්‍ය වෙත පැවසීය. විශ්ව විද්‍යාලවල ජල සැපයුම්, විදුලිය, ආරක්ෂාව, ගොවිපල සතුන්ට ආහාර ලබාදීම, රෝහල් කටයුතු ආදිය ස්වෙච්ඡාවෙන් සිචු කළත් සිය ගැටලු සදහා විසදුම් නොලැබෙන්නේ නම් එවැනි සේවාවලින් පවා ඉවත් වීමට සිදුවනු ඇතැයි එඩ්වඩ් මල්වත්තගේ වැඩිදුරටත් පැවසීය.
විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් නියෝජනය කරමින් ශිෂ්‍ය පිරිසක්ද මෙම උද්ඝෝෂනවලටට සහයෝගය දැක්වූහ.

