දේශපාලන සිරකරුවන්ට නිදහස ලබානොදීමට එරෙහිව උද්ඝෝෂනයක් !
Posted on 08.07.2016 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
යුද්ධය අවසන් වී වසර 07ක් ගෙවුණද දේශපාලන සිරකරුවන්ට නිදහස ලබානොදීමට එරෙහිව දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සදහා දේශපාලන තීන්දුවක් ගන්නා ලෙස ආණ්ඩුවට බලකරන උද්ඝෝෂනයක්, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබේ.
සිරකරුවන්ගේ ඥාතීන්, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය හෙට(8) උදේ 10.00ට කොළඹ, වැලිකඩ බන්ධනාගාර මූලස්ථානය ඉදිරියේදීත් යාපනයේ බස් නැවතුම්පළ ඉදිරියේදීත් පැවැත්වීමට නියමිතය.