අනධ්‍යයන කාර්යය මණ්ඩල සාකච්ඡාව අද නොවේ හෙට

2016.07.14 uni non academic

වැඩ වර්ජනයේ නිරතව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යය මණ්ඩල ගැටළු සම්බන්ධයෙන් අද(07) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කර හෙට (8) දිනට කල් තබා තිබේ.

විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලයේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මේ සම්බන්ධව අදහස් දක්වමින් කීවේ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවකට සහභාගී වන ලෙස දුරකථනයෙන් දැනුම්දීමක් සිදු කළ බවයි.  එහෙත් එම සාකච්ඡාව නොවැළැක්විය  හැකි හේතුවක් මත හෙට දිනයේ පවත්වන බවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය මගින් වෘත්තීය සමිති වෙත දැනුම්දීමක් සිදු කර කිබේ.

කෙසේවෙතත්, ඊයේ ද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය  මොහාන් ලාල් ග්‍රේරු විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්යය මණ්ඩල වෘත්තීය සමිති සාකච්ඡා කිහිපයක නිරත වූ අතර එම සාකච්ඡාවලදී වාචිකව යම් යම් එකඟතාවන්ට එළැඹි බව එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේය

 

Leave a Reply