මේ දිනවල බැංකොක් නුවර පැවැත්වෙන 10 ආසියානු දැල් පන්දු තරගාවලියේ අවසන් තරගයට ඊයේ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීය. ඊයේ බැංකොක්හිදී පැවැති පළමු අර්ධ අවසන් තරගයේදී ශ්‍රීලංකා කණ්ඩායම හමුවේ සිංගප්පූරුව 36-30 ලෙස පරජය විය. මෙම ජයග්‍රහණයත් සමග අද දින පැවැත්වෙන අවසන් මහා තරගයට ශ්‍රීලංකාව හා මලයාසියාව හා තරගවැදීමට නියමිත බව වාර්තාවේ.
ලෝක ශ්‍රේණිගත කිරීම් හමුවේ සංගප්පූරුව 17 වන ස්ථානයේ පසුවන අතර මලයාසියාව 22 ස්ථානයේ පසුවේ ශ්‍රීලංකාවට හිමිව ඇත්තේ 27 වන ස්ථානයයි.
ඊයේ සිංගප්පූරු දැල් පන්දු කණ්ඩායම පරාජය කිරීමෙන් පසුව මෙවර ආසියානු දැල් පන්දු ශූරතව හෝ අනු ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට හැකිවනු ඇත.