ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාවට පරදා දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 229 ක විශිෂ්ඨ ජයක් ලැබීය.
දෙවැනි ටෙස්ට් තරගයද ජයගැනීමත් සමග වොන් -මුරලි ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගෙන තරගාවලි ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.
ලකුණු 413ක් ඉලක්කයක් හමුවේ දැඩි අසීරු තත්වයකට මුහුණදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ දිවා ආහාරයෙන් පසු පැයක් ගතවීමට පෙර දැවීගියේය.
ඕස්ට්‍රේලියානු ඉනිමේ සියලු කඩුළු දවා ගැනීමට ශ්‍රීලංකා පන්දු යවන්නෝ පන්දුවාර 50 එක් පන්දුවක් වැයකිරීමෙන් සිය ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. මෙම තරගාවලිය පුරාම ඳග පන්දු යවන්නන්ට ප්‍රතිවාදී පිතිකරුවන් රිසිසේ පාලනය කිරීමේ හැකියාව අත්කරගෙන තිබුනි.
විශේෂයෙන් ශ්‍රී කණ්ඩායම හමුවේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මනාව පාලනය කිරීමේ හැකියාව අන්කවරදාටත් වඩා දැඩිව පවත්වා ගැනීමට රංගන හේරත් සමග ඩිල් රුවන් පෙරේරා සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනාම දැවී පන්දුවාර 73යි එක් පන්දුවකදී ලකුණු 281ක් ලබා ගැනීමට සමත් විය.
එම ලකුණු ලබා ගැනීමේදී කුසල් ජනිත් පෙරේරා 49, කුසල් මෙන්ඩිස් 86, ඇන්ජලෝ මැතිව්ස් 54, ධනංජය ද සිල්වා37, ලබා ගැනීමට සමත්විය.
ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 33 පන්දු දෙකකදී ලකුණු 106ක් ලබා ගත් අතර ඩේවිඩ් වෝනර් 42ක්ද, මිචෙල් මාෂ් 24ක් ලබා ගෙන තිබුනි.
ශ්‍රීලංකා කණ්ඩායමට සිය දෙවන ඉනිම පන්දුවාර 59යි පන්දු තුණකට මුහුණදී සිය දෙවන ඉනිම ලකුණු 237කට සියලු දෙනාම දැවී ගියේය. කුසල් ජනිත් පෙරේරා 35, ඇන්ජලෝ මැතිව්ස්47, ධනංජය ද සිල්වා34, දිල්රුවන් පෙරේරා 64, රංගන හේරත් 26 ලබා ගැනීමට සමත්විය.
දෙවන දිනය අවසාන වන විට ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර හයක් තුලදී කඩුළු තුණක් දැවී ලකුණු 25 ලබාගෙන ඉතා අසීරුතත්වයකට පත්ව එදින අවසන් විය. ඉන් පසුව ඊයේ දිවා ආහාරයෙන් පැයක් ගතවන්නටත් පෙර ඔස්ට්‍රේලියානු ඉනිම වනසා දමන්නට ශ්‍රී ලංකා ඳගපන්දු යවන්නන්වන ඩිල්රුවන් පෙරේරා හා රංගන හේරත් සමත්විය.
තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තම ක්‍රිකට් දිවියේ අමිහිර මතකයක් එක් කරනු ඇත. ලබන සෙනසුරාදා (13) දින කොළඹ එස්. එස්. සී.ක්‍රීඩාංගණයේදී තෙවන ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිත තිබේ.
මේ වන විට වසර 34ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට නව පිටුවක් එක් කර තිබේ. මන්ද රංග හේරත් විසින් කඩුළු ත්‍රිත්වයක් ලබා ගැනීමට ගාල්ල ක්‍රීඩාංගණයේදී සමත්වීමයි.මීට පෙර එම දක්ෂතාවය පෙන්නා තිබුනේ සිම්බාබ්වේ පිලට එරෙහිව නුවන් සොයිසා විසිනි.
ඩිල්රුවන් පෙරේරා තරගයේ වීරයා වශයෙන් සම්මාන දිනාගත් අතර සිය ටෙස්ට් දිවියේ පළමු වතාවට එක් තරගයකදී කඩුලු 10 ක් ඔහු දවාගත් පළමු අවස්ථාවද මෙයයි.
වසර 17 කට පසුව ඕස්ට්‍රේලියාව පරදවා ටෙස්ට් තරගාවලියකින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම ටෙස්ට් තරග දෙකකදී, නැතහොත් එකම තරගාවලියකදී, ඕස්ට්‍රේලියානු පිල පරාජය කළ පළමු අවස්ථාවද මෙයවේ.
යම් හෙයකින් අවසන් ටෙස්ට් තරගය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඇංජලෝ මැතිස් ප්‍රමුඛ ශ්‍රීලංකා කණ්ඩායම සමත් වුවහොත් එය ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සටහනක් වනු ඇත.