විෂ සහිත සර්පයන් සමග එකට ගමනක් යාමට නොහැකි බවත් ඇතැම් පුද්ගලයන්ගේ ඔළුවේ විෂ ඇති නම් ඔවුන්ගේ න්‍යායෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත් නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කරයි.
ඊයේ(23) කොළඹදී ජනමාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේ ශ්‍රීලනිපයේ ඇතැම් සංවිධායකවරු ඉවත් කිරීම ගැන තවත් පිරිසක් ගෙන එන විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. තවදුරටත් අදහස් දක්වමින් දිනෙන් දින පාඩු ලබන රාජ්‍ය සංස්ථාවල ඇති නිලධාරිවාදය පිටුදැකිය යුතු බවත්, ඒවායේ සිටින ඇතැම් නිලධාරීන් දරුණු දූෂිතයන් බවත්, නව සමසමාජ පක්ෂයේ නායකයා කියා සිටියේය. රාජ්‍ය සංස්ථාවල නිලදාරින් විසින් දේශපාලන බලය මත ගොඩනගා ඇත්තේ දරුණු මාෆියාවක් බැවින් ඒවායේ දේපළ හොරුන්ගෙන් ගලවා ගන්නේ කෙසේදැයි ගැටළු ඇති බවයි.