එංගලන්ත රග්බි පිලට නව නායකයෙක්

dylan_hartley

ඉකුත් රග්බි ලෝක කුසලාන තරගාවලියේදී තම රටේදීම අවමන් සහගත පරාජයක් ලැබූ එංගලන්ත රග්බි පිලේ හිටපු නායක කි‍්‍රස් රොබ්ෂෝ ඉවත් කර ඩිලන් හාට්ලි නව නායකයා ලෙස පත්කර තිබේ. ‘හුකර්’ කී‍්‍රඩක හාට්ලි පිටිය තුළ කලහකාරී කී‍්‍රඩකයකු ලෙස ප‍්‍රකට බැවින් ඔහු නායකත්වයට තෝරා ගැනීම ගැන විවේචන එල්ල වෙමින් තිබේ. ජාත්‍යන්තර තරගවලදී ඔහුගේ කලහකාරී හැසිරීම් නිසාම අවස්ථා ගණනාවකදී ඔහුට තරග තහනම් ලැබුණු අතර ඔහු ලද සමස්ත තහනම්වල එකතුව සති 54කි. කෙසේ වෙතත් නවක කී‍්‍රඩකයන් පිරිසක්ද සමඟ එංගලන්තය පෙබරවාරී 06 වැනිදා සිට ඇරඹෙන රටවල් හයේ රග්බි තරගාවලියට සූදානම් වෙමින් තිබේ. 1833 තරම් ඈතට දිවයන මෙම තරගාවලියට මේ වන විට ස්කොට්ලන්තය, වේල්සය, අයර්ලන්තය, ප‍්‍රංශය හා ඉතාලියද තරගවදී. අයර්ලන්තය පසුගිය වර එංගලන්තය පරදා මෙහි ශූරයන් විය.