‘උසාවිය නිහඩයි‘ – උසාවියෙන්ම නිහඩ කරයි!

silence-in-the-courts

හෙට (6) සිට කොළඹ රීගල් ඇතුළු දිවයින පුරා සිනමා හල් කිහිපයක ප්‍රදර්ශනය කිරීමට නියමිත වූ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂනය කළ ‘උසාවිය නිහඩයි‘ වාර්තාමය චිත්‍රපටය ඔක්තෝබර් 19 වැනිදා තෙක් වාරණයක් නිකුත් කර තිබේ.

එම වාර්තා චිත්‍රපටයට වස්තු විෂය වූ ලිංගික අපයෝජන සිදුවීම නිසා දඩුවම් ලැබූ හිටපු විනිසුරු ලෙනින් රත්නායක විසින් කළ ඉල්ලීමකට අනුව කොළඹ දිසා අධිකරණය විසින් මෙම තහනම් නියෝගය ලබා දී ඇත.

ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ විධිමත් අනුමැතියක් සහිතව සිනමාහල්වල ප්‍රදර්ශනයට නියමිත වූ මෙම වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට බාධා පැමිණිම විස්මයට කරුණක් වුවද මේ පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අධයක්ෂ ප්‍රසන්න විතානගේ ප්‍රකාශ කරයි.