කාලයක් තිස්සේ බන්ධනාගාර ගතකර සිටින දේශපාලන රැදවියන් විසින් මේ වන විට නැවත ආරම්භ කර ඇති ආහාර ගැනීමෙන් වැලකී සිටීමේ උපවාසය හේතුවෙන් එම රැදිවියන්ගෙන් 20 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ.
මීට පෙර අවස්ථාවකත් වසර ගණනාවක සිටි බන්ධනාගාරගත කර සිටින තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා උපවාසකය මොවුන් නිරතව සිටි අතර ඉන් පසුව ජනාධිපතිවරයා විසින් ලබාගෙන ලද පොරොන්දුවකට අනුව එම උපවාසාය නතර කරනු ලැබිනි. නමුත් සියලු දේශපාලන සිරකරැවන් කොන්දේශි විරහිතව නිදහස් කිරීමේ කටයුතු සිදු නොවුනි. පසුගියදා දේශපාලන රැදවියන් 30 දෙනෙකෙු පමණක් ඇප කොන්දේශිමත නිදහස් කිරීමට අධිකරණ කටයුතු කර තිබුනි.
පසුගිය ජනාධිපතිවරණයේද සියලු දේශපාලන සිරකරැවන් නිදහස් කරන බවට වූ පොරොන්දුවක්ු ලබාදුන් අතර ඉන් පසුව නැවත මහ මැතිවරණයේදී යහපාලනය වෙනුවෙන් පෙනී සිටින අය එම පොරොන්දුම නැවත දෙන ලදී. නමුත් අද දක්වා එම පොරෙන්දු ඉටු කිරීමට යහපාලකයන් අසමත්ව ඇත.
කරුණා හා කේ.පී වැනි අය කිසිදු අවහිරතාවයක් නොමැතිව සිය කටයුතු කරමින් සිටින තත්වයක් තුල මෙසේ වසර ගණනාවක්ම බන්ධනාගාරගතව සිටින මෙම දේශපාලන රැදවියන් පමණක් නිදහස් නොකරන්නේ මන්දැයි ඔවුගේ ඥාතීන් හා ඔවුන් වෙනුවෙන් හඩ නගන අය විමසති.